Local News News

PCR පරීක්ෂණ මග හරින පිරිස් සොයා අද සිට මෙහෙයුම්

පී සී ආර් පරීක්ෂණ මග හරින පුද්ගලයින් සොයා අද සිට විශේෂ මෙහෙයුමක් දියත් කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ ඇතැම් ප‍්‍රදේශවල පුද්ගලයින් හිතා මතාම එම පරීක්ෂණ මග හරින බවට තොරතුරු ලැබී ඇති බවයි. එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

ඇතැම් පුද්ගලයින්ට පී සී ආර් පරීක්ෂණ මග හරින ලෙසට පොළඹවන පුද්ගලයින්ට එරෙහිවද කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ස`දහන් කළා.

මේ අතර කොවිඞ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ ඊයේ දිනය තුළ පමණක් පී සී ආර් පරීක්ෂණ 13,065ක් සිදු කළ බවයි.

Related posts

“දැනට ලොකු බලපෑමක් නෑ” සතිපතා ආනයනය කරන භාණ්ඩවල මිළ ඉහල යා හැකියි

Shiran Viraj

කියුබාවේ ඉන්ධන මිල 500%කින් ඉහල දමයි..

Shiran Viraj

2020 වර්ෂයේ පසුගිය මාස 8 තුළ රෝහල්වලට සැපයූ ඖෂධ වර්ග 45ක් භාවිතයෙන් ඉවතට

Shiran Viraj

Leave a Comment