News Sports Sports News

පළමු ලෝක ටෙස්ට් කිරුල වෙනුවෙන් නවසීලන්තය සහ ඉන්දියාව අද සිට සටනේ

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට පැවැත්වෙන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර අද ආරම්භ වනවා. ඒ, එංගලන්තයේ සවුත්හැම්ටන් හි රෝස් බෝල් ක්‍රීඩාංගණයේදීයි.  එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 

2019 වසරේ දී ආරම්භ වූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු අදියර සදහා තරග වැදුණු රටවල් සංඛ්‍යාව 9ක්. එහි ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම පසු වූ රටවල් දෙක අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. 

ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට ලෝක ටෙස්ට් ශූරතා සෙන්කෝලය සමග හිමිවන මුදල් ත්‍යාගය අමෙරිකානු ඩොලර් මිලියන එකයි දශම 6ක්. එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 31කට අධික වනවා. අනුශූරයින්ට හිමිවන මුදල් ත්‍යාගය අමෙරිකානු ඩොලර් ලක්ෂ අටක්. 

ඉන්දියාව සහ නවසීලන්තය අතර අද ආරම්භ වන අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය සදහා කුමාර් සංගක්කාර විස්තර විචාරකයෙකු ලෙස එක්ව සිටිනවා.

Related posts

ලංකා බැංකු, මහජන බැංකු, ගුවන් හමුදා, පොලිස් මූලස්ථාන උගස් කර අධිවේගී මාර්ග සංවර්ධනයක්…

Shiran Viraj

සැරසෙන්න.. අප්‍රෙල් 25 රටටම සුබ පණිවුඩයක්..- හමුදාපති

Shiran Viraj

ගම්මන්පිල-කාරියවසම් මහා විවාදයට රූපවාහිනී නාලිකා 04ක් සූදානම්..

Shiran Viraj

Leave a Comment