Local News News

නුවරඑලියේ මාර්ගවල සැරිසරන පෝනියන්ගෙන් නගර සභාව අදායම් උපදවා ගනී..

නුවරඑලිය ග්‍රේගරි වැව ආශ්‍රිතව සහ නුවරඑලිය තුරග තරග පිටිය අසල සංචාරකයන් රැගෙන යාම සදහා ඇති කරනු ලබන පොනියන්ගෙන් නුවරඑලිය මහ නගර සභාව මේ දිනවල අමතර ආදායමක් ඉපයිමේ ක්‍රමයක් අනුගමනය කිරිම නිසා තමන් ආර්ථික වශයෙන් දැඩි අසිරුතාවයට පත් වි ඇති බව නුවරඑලිය පුද්ගලික පෝනි සංචාරක සංගමයේ සමාජිකයන් චෝදනා කර සිටියි.

නුවරඑලිය නගර සිමාවේ සංචරක කර්මාන්තයේ නියැලි සිටින පිරිසක් ජිවන උපාය ලෙස පොනියන් 50 දෙනෙකු පමණ ඇති කරනු ලබන අතර, එම පොනියන් නුවරඑලිය තුරග තරග පිටිය අවට  මේ දිනවල නිදැල්ලේ සැරිසරිමට එම පොනි අයිතිකරුවන්ගේ සංගමයේ සමාජිකයන් විසින් මේ දිනවල කටයුතු කර ඇත.

නිදැල්ලේ අත හැර දමා ඇති පොනියන් නුවරඑලිය නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ග වලට පිවිසිම නිසා රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණෙන නිසාත්, නුවරඑලිය නගරයට පැමිණෙන පාරිභෝගිකයන්ට සිදු වන අපහසුතා නිසාත් , ප්‍රධාන මාර්ගයට පොනියන් පැමිණිම වැලැක්විමේ අරමුණින් පොනි අයිතිකරුවන්ගෙන් දඩ මුදලක් අය කිරිමට නුවරඑලිය මහ නගර සභාව පියවර ගෙන ඇත.

පොනියෙකු ප්‍රධාන මාර්ගයට පිවිසිය හොත් එක් පොනියෙකුට රු 2500 ක දඩ මුදලක් අයිතිකරුගෙන් නගර සභාව අය කරගන්නා අතර , පොනියාව නගර සභා භාරයෙන් තබා ගන්නා  එක් දිනකට අමතර රු 500 මුදලක්ද අය කරන බවයි එම සංගමයේ සමාජිකයන් කියා සිටින්නේ.

තුරග තරග පිටිය තුල නිදැල්ලේ සැරිසරන පොනියන් නගර සභාවේ ඇතැම් සේවකයන් විසින් ගල් ගසා ප්‍රධාන මාර්ගයට පලවා හැර පසුව එම නගර සභා සේවකයින් විසින්ම එම සතුන්ව අල්ලා නුවරඑලිය බඹරකැලේ ප්‍රදේශයේ පිහිටි නගර සභාව සතු  ඉඩමකට රැගෙන ගොස් ගාල් කරන බවත්, එම සතුන් මුදා ගැනිමට නගර සභාව අය කරන  දඩ මුදලට අමතරව සතාව නිදහස් කර ගැනිම ප්‍රමාද වන එක් දිනකට රු 500 බැගින්ද නගර සභාවට ගෙවිමට සිදු වි ඇති බවයි එම පොනි සංගමයේ සමාජිකයන් කියා සිටින්නේ.

තවද නගර සභාව භාරයට ගන්නා පොනියන්ට ලබාදෙන තෘණ ප්‍රමිතියෙන් තොර තෘණ බවත්, සතුන් ගාල් කර තබන ඉඩම කුඩා ඉඩමක් නිසා සතුන්ගේ අපද්‍රව්‍ය එම සතුන්ගේ පයට පැගිමෙන් සතුන්ගේ කුර වල විවිධ රෝග හටගන්නා බවද එම සංගමයේ සමාජිකයන් කිය සිටියි.

පවත්නා වසංගත තත්ත්වය සමග නුවරඑලියේ සංචාරක කර්මාන්තය මේ දිනවල කඩා වැටි ඇති බවත්, තම සංගමය සතු සතුන්ට අවශ්‍ය සත්ව ආහාර ලබා දිමට  ආර්ථික වශයෙන් තමන්ට නොහැකි නිසා සතුන් තුරග තරග පිටිය අවට නිදැල්ලේ අතහැර දමා ඇති බවයි නුවරඑලිය පොනි සංචරක සංගමයේ සමාජිකයන් කියා සිටින්නේ.

නුවරඑලිය පොනි සංගමයේ සමාජිකයන් කියා සිටින්නේ පොනියන් ප්‍රධාන මාර්ගයට පිවිසිම නිසා නගර සභාව විසින් අය කරන දඩ මුදල අවම කර දිමට කටයුතු කරදෙන ලෙසයි.

එම සංගමයේ සමාජිකයන් නගන චෝදනා සම්බන්ධයෙන් අප නුවරඑලිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් සුජිවා බොදිමාන්න මහත්මියගෙන් අප කල විමසුමකට ඇය කියා සිටියේ නගර සභාවේ සේවකයන් විසින් එවැනි ක්‍රියාවක් සිදු කරන්නේ නම් ඒ පිලිබදව තමන් කඩනමින් සොයා බලන බවයි.

අය කරන දඩ මුදල සම්බන්ධයෙන් පුර්ණ වගකිම මුදල් කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් නුවරඑලිය නගර සභාවේ නගරාධිපතිවරයාට  පැවරි ඇති බවද නුවරඑලිය මහ නගර සභාවේ නාගාරික කොමසාරිස්වරිය වැඩි දුරටත් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

කෝටි 300 ක මත්ද්‍රව්‍ය මාරවිලදී හසුවේ

Shiran Viraj

ජාතික පාසල් විදුහල්පති තනතුරු සඳහා අයදුම්පත් කැඳවයි

Shiran Viraj

නිලුක කරුණාරත්න ක‍්‍රීඩාවෙන් සමුගනී…

Shiran Viraj

Leave a Comment