Local News News

කේරල ගංජා තොගයක් මුහුදේ පාවේ..

යාපනය කයිටස් සහ පුංකුඩතිව් මුහුදු ප්‍රදේශයේදී රුපියල් මිලියන 10 කට ආසන්න වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 34ක් ග්‍රෑම් 38 ක් පාවෙමින් තිබියදී සොයාගත් බවට නාවික හමුදාව පවසයි.

උතුරු නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් කයිටස් සහ පුංකුඩතිව් මුහුදු වෙරල ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසියකදී මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ උර තොගයක් දැක පරික්ෂා කිරීමේදී මෙම කේරල ගංජා තොගය සොයාගනු ලැබීය.

අදාල කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කරමින් සිටියදී නාවික හමුදා නිලධාරීන් දැක ජාවාරම් කරුවන් විසින් කේරලගංජා මෙලෙස මුහුදට දමා පලා යන්නට ඇතැයි නාවික හමුදාව සැක පල කර සිටියි.

සොයාගත් කේරල ගංජා තොගය ඉදිරි නීතිමය පියවර ගන්නා තෙක් නාවික හමුදා භාරයේ තබාගැනීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධුර වලංගුද? නැද්ද? – මත 02ක්

Shiran Viraj

Channel4 මාරුවී චාමර සම්පත් Channel Eyeට දිගට හරහට බැනවදී…

Shiran Viraj

කොරෝනා 1028 දක්වා ඉහලට..

Shiran Viraj

Leave a Comment