Local News News

විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් 800ක් එකවර ඉවතට.. සෞඛ්‍ය පද්ධතිය බිද වැටීම අසලටම..

මාධ්‍ය නිවේදනය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් පහත කරුණු පිළිබව ගන්නා ලද තීරණ.

  1. වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස
  2. විදේශ විනිමය ඉපයීම ඉලක්ක කරගනිමින් වෛද්‍යවරුන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැදගත්කම
  3. රට තුල රැඳි සිටිමේ මානසිකත්වය සහිත බහුතරයක් වෛද්‍යවරුන් ඒ සඳහා දිරිගැන්වීමේ වැඩපිළිවෙලක අවශ්‍යතාවය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව අද දින උදෑසන රැස්වෙන ලදී.

මේ මොහොතේ රට තුල සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමකින් තොරව පවත්වා ගෙන යාම ඉලක්ක කරගනිමින් ඉහත දක්වා ඇති විෂයයන් මධ්‍යම කාරක සභාව තුල පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් විය.

ඒ පිළිබඳව එළඹි ඒකමතික තීරණ පහත දක්වමු.

  1. සියලුම කාණ්ඩ වල වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කල යුතු බවට රජයට යෝජනා කිරීම.
    මෙහිදි රාජ්‍ය සේවයේ සියලු කාණ්ඩ වල විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා පහත හෙළීමට රජය විසින් මෑතකදි ගත් තීරණයට අනුකූලව විශේෂඥ වෛද්‍යවරුන් 300 කට ආසන්න පිරිසක්ද අනෙකුත් වෛද්‍යවරුන් 500 කට ආසන්න පිරිසක්ද එක්වර පද්ධතියට අහිමි වීම හරහා සිදු විය හැකි සේවා බිඳ වැටීම විශේෂයෙන්ම සැලකිල්ලට ගන්නා ලදී.
    මේ පිළිබඳව අප සංගමයේ ස්ථාවරය ගරු ජනාධිපතිතුමා වෙත ලිඛිතව ඉදිරිපත් කිරීමටද තීරණය විය.
  1. ‌එලෙසින් විශ්‍රාම වයස 63 දක්වා සංශෝධනය කිරීම හේතුවෙන් පර්යන්තයේ සිටින කනිෂ්ඨ වෛද්‍යවරුන් සඳහා අසහනකාරී තත්ත්වයන් ඇති නොවන පරිදි වයස අවුරුදු 60 ට වැඩි සියලු වෛද්‍යවරුන් වාර්ෂික ස්ථාන මාරු ප්‍රතිපත්තියට අනුගත කරමින් ඉහත යෝජනාව ක්‍රියාත්මක කල යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අවධාරණය කරමු.
  2. විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමේ උපරිම වාසිය රටට ලබාදෙමින් සෞඛ්‍ය පද්ධතියට දැරිය හැකි උපරිම වෛද්‍යවරුන් ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යංශයේ පාලනය තුල විදේශ රැකියා සඳහා යොමු කිරීමට කටයුතු කළ යුතු බව මධ්‍යම කාරක සභාවේ ඒකමතික අදහස විය.
    ඒ හරහා මේ මොහොතේ දැඩි අවශ්‍යතාවයක්ව පවතින විදේශ විනිමය අර්බුදයට සැලකිය යුතු දායකත්වයක් ලබා දිය හැකි බව අපගේ නිරීක්ෂණයයි.
    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දිගින් දිගටම සිදුකල කරුණු දැක්වීම් හමුවේ සෞඛ්‍ය ලේකම්වරයා විසින් ඊයේ දිනය තුල මිට අදාල චක්‍රලේඛය නිකුත් කර ඇති අතර එහි සඳහන් යාන්ත්‍රණය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අප සංගමයේ උපරිම සහයෝගය ලබා දීමට මධ්‍යම කාරක සභාව තීරණය කරන ලදී.
  3. ඉහත කරුණු වලට සමගාමීව රට තුල රැඳී සිටිමින් ශ්‍රී ලාංකික සෞඛ්‍ය පද්ධතිය වෙනුවෙන් තම කැපවීම අඛණ්ඩව ලබාදීමේ මානසිකත්වය සහිත අති බහුතරයක් වූ වෛද්‍යවරුන් ඒ සඳහා දිරිමත් කරමින් රට තුල රඳවාගැනීම අරමුණු කරගනිමින් කෙටි කාලීන හා මධ්‍ය කාලීන වැඩපිළිවෙලක් රජයේ පාර්ශවයෙන් වහාම ප්‍රකාශයට පත් විය යුතු බව අවධාරණය කරමු.

එමෙන්ම මීට ඉහතදි විස්තරාත්මක ලෙස අප විසින් කරුණු දැක්වු මේ මොහොතේ රට තුල පවතින ඖෂධ අර්බුදයත්, මන්දපෝෂණ තත්ත්වයත් කෙරෙහි මධ්‍යම කාරක සභාවේ විශේෂ අවධානය යොමු වූ අතර පවතින අර්බුදකාරි තත්ත්වය සමනය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස මේ වන විටත් බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇති ප්‍රායෝගික විසදුම් වහාම ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ට බල කර සිටිමට මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කරන ලදී.

වෛද්‍ය හරිත අලුත්ගේ,

ලේකම්

Related posts

අනවශ්‍ය ගමන් යන්න එපා.. ඉන්ධන හිගයි..

Shiran Viraj

කොරෝනා එන්නත් ගන්න සල්ලි නෑ.. ඩොලර් මිලියන 80.5ක ණයක් ලෝක බැංකුවෙන් ඉල්ලයි…

Shiran Viraj

උද්දමනය ඉහලට.. බැංකු පොලිය පහලට.. තැන්පතුකරුවන් මුදල් ඉවත්කර ගනිමින්.. බැංකු පද්දතියම අවදානමේ…

Shiran Viraj

Leave a Comment