Local News News

සතියට තෙල් ලීටර් 30ක් නොදුන්නොත් ආණ්ඩුව පෙරලනවා..- ත‍්‍රිරෝද හිමියන්

ත්‍රීරෝද රථ කර්මාන්තයේ යෙදෙන ත්‍රීරෝද රථ සඳහා සතියකට ඉන්ධණ ලීටර 30ක් අවශ්‍ය බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කරයි.

එහි සභාපතිවරයා සඳහන් කරන්නේ ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා අනවශ්‍ය බවයි.

එය සිදු නොකරනේ නම් නම් ආණ්ඩුව එළවා දැමීමට කටයුතු කරන බවද කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසීය.

සතියකට දෙන ඉන්ධන ලීටර පහ යනු දිනකට තුන්කාලක පමණ ප‍්‍රමාණයක් බවත් මෙම හේතුවෙන් කර්මාන්තයේ නියුතු අට ලක්‍ෂයක් පමණ දැඩි අර්බුදයකට පත්ව සිටින බවත් සභාපතිවරයා තව දුරටත් සදහන් කලේය.

Related posts

බි‍්‍රතාන්‍යයට කොරෝනා දෙවන රැල්ලක් – ස්පාඤ්ඤ අගනුවර ලොක්ඩවුන්

Shiran Viraj

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 16 ඉක්මවයි-අමෙරිකාවෙන් දිනකට ආසාදිතයින් 33256ක්

Shiran Viraj

සරම්ප රෝගය හේතුවෙන් පුද්ගලයින් රැසක් මරුට

Shiran Viraj

Leave a Comment