Local News News

සතියට ලීටර හතරකින් ණය ගෙවිමටත් පවුල් නඩත්තු කිරිමටත් නොහැකියි..- ත‍්‍රීවීල් රියදුරන්

තමන්ට සතියකට ලැබෙන පෙට්‍රල් ලිටර් 05 ප්‍රමාණවත් නොවන බවත් එම තත්වයන් මත තමන් මේ වන විට අසරණ තත්වයන්ට පත්ව ඇති බවත් ත්‍රිරෝධ රථ රියදුරන් පවසති.

තම පවුල් ජිවත් කරවනුයේ ත්‍රිරෝධ රථ ධාවනයෙන් වුවත් තමන්ට සතියකට ලැබෙන පෙට්‍රල් ලිටර් 05කට සිමා කිරිමෙන් නිසි ලෙස කුලි ගමන් යාමට නොහැකි බවත් ඔවුහු කියා සිටිති.

මෙම තත්වයන් මත තම ත්‍රිරෝධ රථ ලබා ගැනිමට ගත් ණය ගෙවිමටත් තම පවුල් නඩත්තු කිරිමටත් නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත තමන් මේ වන විට දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් පවසති.

මෙම තත්වයන් පිලිබදව අවදානය යොමු කර තමන්ට අඩු තරමින් සතියකට පෙට්‍රල් ලිටර් 10ක් හෝ ලබා දිමට පියවර ගන්නා ලෙස අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

– මනුර සුදත් සෙල්ලහේවා

Related posts

ජනතාව බේදබින්න කරන්න කාටවත්ම ඉඩ දෙන්න බෑ

Shiran Viraj

පාර්ලිමේන්තු ට්විටර් ගිණුමට “සයිබර් ප්‍රහාරයක්”

Shiran Viraj

අඩු ආදායම් පවුල්වල නිවාස සිහිනය සැබෑ කරන්න ආණ්ඩුවෙන් සැළසුම්

Shiran Viraj