Local News News

වරාය සම්පූර්ණයෙන් නවතමින් වැඩ වර්ජනයක්…

එළැඹෙන 13 14 15 වන දින වරාය තුළ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.

ආණ්ඩුව විසින් පනවන ලද බදු පනතට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව වෘත්තීය සමිති සන්ධානයේ නියෝජිත ප්‍රසන්න කළුතර ගේ මහතා කියා සිටියි.

13 14 දිනවලදී සංකේත වැඩවර්ජනයක් හා 15 වන දින සම්පූර්ණ වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇතැයිද හෙතෙම තවදුරටත් පැවසීය.

එම වර්ජනය හේතුවෙන් වරාය තුළ නැව් මෙහෙයුම් කටයුතු හා බහාලුම් මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම නැවැත්වීමට කටයුතු කරන බවත් ඉන් රටට වන පාඩුවේ වගකීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුව බාරගත යුතු බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

රාජ්‍ය හා පුද්ගලික අංශ සේවකයන්ගෙන් ණය වාරික අය කිරීම අත්හිටුවයි…

Shiran Viraj

සිසේරියන් සැත්කම් 33,000ක් ගැන සොයන්න තීරණය කරයි

Shiran Viraj

ඇදිරි නීතිය නොතකා රට පුරා විරෝධතා…

Shiran Viraj