News

නිර්වින්දන එන්නතකින් පසු රෝගියා සිහිය නොඑයි.. මිය යයි…

අනුරාධපුර රෝහලේදී නිර්වින්දනය කරන ලද රෝගියෙකු මියගොස් ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය හෙළිකරයි.

එම සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ පසුගිය 28 වැනිදා එම මරණය සිදුව තිබෙන බවයි.

මියගිය පුද්ගලයාගේ ඥාතීන්ට එම මරණය ගැන පැමිණිලි කිරීමට හැකියාවක් ලැබී නැති බවද හෙතෙම සඳහන් කළේය.

කිහිල්ලේ තිබූ ගෙඩියක් ඉවත් කිරීම සඳහා මෙම රෝගියා රෝහල් ගත වී ඇති බවත් එහිදී නිර්වින්දනය කිරීමට ලබාදුන් එන්නතකින් පසුව නැවත සිහිය පැමිණ නැතිව මරණයට පත්ව ඇති බවත් ඔහු පැවසීය.

Related posts

දුරකතන බදු සංශෝධනය ගැන පැහැදිළි කිරීමක් – බදු සහනය නොලැබෙන්නේ නම් දැනුම් දෙන්න

Shiran Viraj

රණසිංහ ප්‍රේමදාසගේ පුතනුවන් දිනවන්න.. ඉඩම් දෙනවා.. ගෙවල් දෙනවා..

Shiran Viraj

DAT වැටුපට නොදෙයි.. වෙන ක‍්‍රමයකට ගෙවයි.. වෛද්‍ය වර්ජනය අත්හිටුවයි..

Shiran Viraj