Local News News

ලංකාවේ දිගම සෙල්ලිපිය කදු මුදුනෙන් හමුවෙයි…

දිඹුලාගල කදු මුදුනින් අනුරාධපුර යුගයේ මුල් භාගයට අයත් විශාල ප්‍රමාණයෙ සෙල්ලිපියක් හමු වූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රදේශවාසියෙකු ලබාදුන් තොරතුරකට අනුව සොයා බැලීමේදී එය හමු වූ බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

අඩි 45 දිග අඩි 15 උස මෙම සෙල්ලිපිය මෙතෙක් මෙරටින් සොයාගත් දිගම සෙල්ලිපිය ලෙස සැලකේ.

දිබුලාගල ආරණ්‍ය සේනාසනය පිහිටි කදු මුදුනේ කිලෝමීටර් 03.5ක දුෂ්කර ගමන් මාර්ගයක් ඔස්සේ ගිය පසු එය හමුවෙයි.

ගල් දෙකක කැපුම් තල දෙකක් මත නෙළා ඇති එම සෙල්ලිපිය පර්වත ලිපි ගනයට අයත් වෙයි.

එහි නෙලා ඇති අක්ෂර පූර්ව බ්‍රාක්මීය ගණයට අයත් බව පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

සියළු මන්ත‍්‍රී වැටුප් අහෝසියි.. පාර්ලිමේන්තු කෑම නැ.. ගෙදරින් කෑම ගේන්න.. මාදිවෙල නිවාස සරසවි සිසුන්ට..- පලමු දිනයේම යෝජනාවක්…

Shiran Viraj

ඩොලර් නැතිව තෙල් නැවු දෙකක් වරායේ.. සතියකින් විවෘත නොකලොත් තෙල් හිගයක්.. 15න් පසු විදුලි කප්පාදුවක්…

Shiran Viraj

කලකට පසු ජනාධිපති ඉහලින්ම අනුමතයි.. FB ගිණුමේ ‘Like’ වැස්සක්.. ‘Haha’ පසුබසී…

Shiran Viraj

Leave a Comment