Business Business News News

බැංකු පොලිය පහලට.. ගත් ණය පොලියත් පහලට..

ප්‍රතිපත්ති පොලී අනුපාතික දිගින් දිගටම පහත දැමීමේ තීරණයක් ගෙන තිබෙන නිසා බැංකුවලින් ලබාගෙන තිබෙන ණය සඳහා අය කරන පොළී ද වහාම අඩු විය යුතු බව මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංග මහතා සඳහන් කරයි.

එසේ පොලි අනුපාත පහත නොදමන ආයතනවලින් මහ බැංකුව දැනටමත් නිදහසට කරුණු විමසා ඇති බවද හෙතෙම පැවසීය.

එසේම ඉදිරියේදී ලබාගන්නා ණය පහසුකම් වලට පමණක් නොව ලබාගෙන ඇති ණය පහසුකම් වලටද අදාළ පොලි අනුපාත අඩුකරන ලෙස බැංකුවලට දැනුම් දී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ශ‍්‍රී ලංකා මහ බැංකුවේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Related posts

ශ‍්‍රී ලංකාව ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් අබියසයි..තම රටේ ඉපිලෙන වේග තණතිල්ලේ අප‍්‍රිකානුවෝ අසරණ වෙති..

Shiran Viraj

අද මිලිමීටර 100 ඉක්මවු වැසි

Shiran Viraj

IMF බලාපොරොත්තුවන ආදායම ලබන්න බැරි බව රජය IMF ට දන්වයි..

Shiran Viraj