Local News News

ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක්….

ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අදාළ ක්‍රමවේදය සහිත අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනත සංශෝධනය කරමින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේශ් පතිරණ මහතා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

ඒ අනුව යම් නිශ්චිත ඖෂධයක ඖෂධ මාත්‍රා ආකාරයට සහ ප්‍රබලතාවයට අදාළව උපරිම සිල්ලර මිලක් නිශ්චය කිරීම සඳහා වූ ක්‍රමවේදයක් හදුන්වා දී තිබේ.

විනිවිද භාවය සහ සාධාරණත්වය සහතික කිරීමේ අරමුණින් එම නියෝග නිකුත් කර තිබේ.

ඒ අනුව වෙළඳපොළ තුළ අලෙවි කරනු ලබන ඖෂධ වල උපරිම සිල්ලර මිළ ගණන් නිර්ණාය කිරීමට නියමිත අතර ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත්කර තිබේ.

Related posts

2025 අයවැය හිගයට මිලියන 700ක් IMF ණය ඉල්ලයි.. නොලැබුනොත් එසැනින් බංකොලොත්…

Shiran Viraj

PCR පරීක්ෂණ මහජන ඉල්ලීම් අනුව කරන්නේ නැහැ – ඒවා කළ යුත්තේ වසංගත විශේෂඥයින්ගේ මඟ පෙන්වීමට සහ ඊට අදාළ සැලසුමකට අනුවයි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්

Shiran Viraj

අරගලයෙන් පසු සනත්ට තනතුරක්… සංචාරක සන්නාම තානාපති වෙයි…

Shiran Viraj