Local News News

තරුණයෙක් හා තරුණියක දුම්රියේ හැපේ…

අම්බලන්ගොඩ දුම්රිය නැවතුම් පොලට නුදුරින් දුම්රිය මාර්ගයේ කතා කරමින් ගමන් ගත් තරුණයෙක් සහ තරුණියක දුම්රියේ හැපී තුවාල ලබා  (07) සවස බළපිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

තුවාල ලැබූ දෙදෙනා පාසල් ශිෂ්‍යාවක සහ ශිෂයකු බවත් අම්බලන්ගොඩ ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංතියකට සහභාගී විමට පැමිණ සිටියදී මෙම අනතුට මුහුණ පා තිබෙන බවත් අම්බලන්ගොඩ පොලීසිය කියයි.

තුවාල ලැබූ දෙදෙනා අම්බලන්ගොඩ ප්‍රධාන පාසල් දෙකක ඉගෙනුම ලබන දෙදෙනෙකු බවත් ඔවුන් දෙදෙනාම දාහත් (17) හැවිරිදි වියේ පසුවන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි අම්බලන්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. තුවාල ලැබූ දෙදෙනාගෙන් ශිෂ්‍යයා අම්බලන්ගොඩ හිරේවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවත් ශිෂයාව අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ පදිංචි කරුවෙන් බවත් එම ප්‍රකාශකයා වැඩි දුරටත් සදහන් කළේය.

මොවුන් දෙදෙනා දුම්රිය මාර්ගයේ කතා කරමින් ගමන් කර තිබෙන බවත් දුම්රිය පැමිණීම ඔවුන් දැක නැති බවත් පොලිස් පරීක්ෂණ වලදි තහවුරු වූයේ යැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි. මෙම ස්ථානයේ මීට පෙරද අනතුරු සිදුව තිබෙන බවත් පෞද්ගලික උපකාරක පංති වලට සහභාගී වීමට පැමිණෙන සිසු සිසුවියන් සැලකිය යුතු පිරිසක් මෙම ස්ථානයේ දුම්රිය මාර්ගයේ ගමන් ගන්නා බවත් අම්බලන්ගොඩ පොලීසිය කියයි.

මෙම දෙදෙනාගෙන් පාසල් ශිෂ්‍යායාවගේ තත්ත්වය තරමක් බරපතල බවත් රෝහල් ආරංචි මර්ග සදහන් කරයි. ශිෂ්‍යයාට සීරීම් තුවාල පමණක් සිදුව තිබෙන බවත් බළපිටිය මූලික රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. දුම්රියේ ගැටී බරපතල තුවාල ලැබූ පාසල් ශිෂයාව රෝහලට රැගෙන යන විටත් සිහි සුන්ව සිටි බවද අම්බලන්ගොඩ පොලීසිය කියයි.

අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරිගේ මහතාගේ මෙහෙයවීම මත අම්බලන්ගොඩ පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දහනායක මහතා ඇතුළු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

– ජයකාන්ත ලියනගේ

Related posts

පාස්පෝට් අර්බුදය යලිත් අවසන් කරයි..

Shiran Viraj

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අනාරක්‍ෂිතයි.. පක්‍ෂ නායක රැස්වීම අවලංගු කෙරේ…

Shiran Viraj

කොරෝනා වෛරසයෙන් ඉන්දියාව වාර්තා පිට වාර්තා තබයි : පැය 24ක් තුල රෝගීන් 97000ක් සහ මරණ 1,200ක්

Shiran Viraj