Local News News

පොහොට්ටුවන්ගේ ජයඝෝෂා මැද ජනපති පොහොට්ටු වේදිකාවට ගොඩවේ..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමු වතාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාවකට ගොඩ වී තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අභයගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට වසර 27ක් ගතවීම හේතුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණේ කළුතර දුම්රියපොල අසල ක්‍රීඩාංගනයේදීය.

ජනාධිපතිවරයා මෙම උත්සවයට පැමිණ තිබුණේ ඊට පෙර ටික වේලාවකට පෙර ගාල්ලේදී පැවති එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් සංමුළුව ඇමතීමෙන් පසුවයි.

2022 මැයි 9වෙනිදා මෙරට ඇති වූ අර්බුදකාරී සමයේ තමන් රට බාරගත් හේතුව සහ ඊට බලපෑ වටපිටාවද ඔහු එහිදී පැහැදිලි කළේය.

රැස්වීමට පැමිණ සිටි පොදු ජන පෙරමුණේ සාමාජිකයන්ගෙන් ජනාධිපතිවරයාට උණුසුම් ප්‍රතිචාරයක් හිමිවීම විශේෂත්වයකි.

Related posts

අපේ උපදෙස් අනුව වැඩ කලා නම් කොරෝනා මෙතරම් වැඩි වෙන්නේ නෑ..- ජවිපෙ

Shiran Viraj

ආණ්ඩුවේ ඉන්නවානම් ජනාධිපතිට ආණ්ඩුවට උදවු කරන්න.. නැත්නම් යන්න..- සෙසු පක්‍ෂවට දන්වයි..

Shiran Viraj

අධිකරණයට අපහාස කළ බවට රන්ජන්ට එරෙහි නඩුව දින තුනක් අඛණ්ඩව ඇසීමේ තීරණයක්

Shiran Viraj

Leave a Comment