Local News News

රාජිතගේ නිවසට පිරිස් රැස්කරයි.. පිම්ම අනුමතයි.. රාජිත සූදානම්..

රට වෙනුවෙන් ගන්නා ඕනෑම තීන්දුවකට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න සමඟ සිටින බව බේරුවල මැතිවරණ කොට්ඨාශයේ ජනතාව (06) අවධාරණය කර සිටියහ.

මන්ත්‍රීවරයාගේ බේරුවල පිහිටි නිවසේ (06) පැවති විශේෂ රැස්වීමකදී මන්ත්‍රී රාජිත සේනාරත්න කියා සිටියේ මා ගන්නා තීන්දුව නායකයින් වෙනුවෙන් නොව රට වෙනුවෙන් ගන්නා බවයි. එම නිසා තමන් සමග ගමන යාමට කැමති පුද්ගලයින්ට එකතු විය හැකි බවත් අකමැති පුද්ගලයින්ට ඉවත් විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

මෙම විශේෂ රැස්වීමට එක්ව සිටි පිරිස අතර සමඟි ජනබල වේගය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පළාත් පාලන ආයතනවල හිටපු මන්ත්‍රීවරු අපේක්ෂකයන්ද සිටීම විශේෂත්වයකි.

මන්ත්‍රීවරයා බංකොලොත් වූ රට ගොඩනැගූ ආකාරය පැහැදිලි කළේය.

රැස්වීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා වට කරගත් පාක්ෂිකයින් කියා සිටියේ “ඔබතුමා ලබාදුන් රැකියා නිසා අපි කාලා බීලා හුන්න බවයි. එම නිසා ඔබතුමා ගන්න ඕනෑම තීරණයක් වෙනුවෙන් අපිද පෙනී සිටින බව ඔවුහු පැවසූහ.

තවද මෙහිදී මන්ත්‍රීවරයා 2021 වසරේ දෙසැම්බර් මාසයේ මාධ්‍ය හමුවකදී මාස තුනකින් රට විනාශ වන ආයුරු උදාහරණ සහිතව ප්‍රකාශ කළ වීඩියෝවක්ද ප්‍රදර්ශනය කරන ලදි. එහි සඳහන් වන්නේ රාජපක්ෂලාට රටේ ඉන්නට බැරිව රටින් පැන යන බවයි.

තමන් එදා එම ප්‍රකාශය කළේ අනාගතය දුටු නිසා බවත්, තමන් අද ද රටේ අනාගතය හොඳින්ම දැක ඇති බැවින් ඉදිරියේදී රට වෙනුවෙන් තීන්දුවක් ගන්න බවද මන්ත්‍රී රාජිත සේනාරත්න මෙහිදී අවධාරණය කර සිටියේය

– Repoter

Related posts

වසන්තට කට වරදී… කෝටි 10ක වන්දියක් ඉල්ලා ආනන්ද හිමි නඩු දමයි…

Shiran Viraj

‘පුටින් පිස්සෙක්.. හැමෝම මරා දමාවි’ පුටින්ට එරෙහිව කොළඹ විරෝධතා…

Shiran Viraj

අද රාත්‍රි 8 සිට සති අන්තයේ දිවයිනටම ඇඳිරි නීතිය

Shiran Viraj

Leave a Comment