Local News News

තැපැල් ඡන්දෙ දාන්න පොලිසියට අමතර දිනයක්…

ඉදිරි ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පොලිස් නිලධාරීන්ට දින දෙකක් ලබාදීමට තීරණය කල බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ඒ අනුව ලබන 04 වැනිදා තැපැල් ඡන්ද භාවිතා කිරීමට නොහැකි පොලිස් නිලධාරීන්ට ලබන 06 වැනිදා ද අවස්ථාව පවතියි.

මේ දිනවල දිවයින පුරා ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ප්‍රචාරක රැළි පැවැත්වෙයි.

එම රැලි වල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්ට යාමට සිදුවීම හේතු පාදක කර ගනිමින් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට දින දෙකක් ලබාදුන් බව පැවසීය.

එම දිනවල යම් හෙයකින් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි පොලිස් නිලධාරීන්ට ලබන 11 සහ 12 දෙදින ද හැකි බව වැඩිදුරටත් කොමසාරිස් ජෙනරාල්වරයා පැවසීය.

– Reporter

Related posts

දුරකතන සංඥාවලට බාධා කරන උපකරණ 08ක් සමගින් මුස්ලිම් කොංග‍්‍රස් මන්ත‍්‍රී අත්අඩංගුවට

Shiran Viraj

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට තවත් 02ක් කොටු

Shiran Viraj

NSB,PLC, SLT හා ශ්‍රීලංකන් ණය ශ්‍රේණියෙන් පහළට

Shiran Viraj