Local News News

තැපැල් වර්ජනයේ තීරණාත්මක දිනය හෙට

තැපැල් වෘත්තීය සමිතිවල ඉල්ලීම් සම්බන්ධයෙන් හෙට (05) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව තැපැල්පති රෝහණ අබේරත්න පවසනවා. විධිමත් බඳවා ගැනීමේ ක‍්‍රමවේදයක් සකස් නොකිරීමට එරෙහිව ලබන 10 වනදා මධ්‍යම රාත‍්‍රියේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරතවීමටයි තැපැල් වෘත්තීය සමිති. මේ වනවිට තීරණය කර ඇත්තේ. කෙසේ වෙතත් කළ විමසීමකදී තැපැල්පති රෝහණ අබේරත්න කියා සිටියේ හෙට පැවැත්වෙන සාකච්ඡාවේ දී වෘත්තීය සමිති ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවයි.
කෙසේ වෙතත්  ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ සිය ගැටළු සඳහා අවස්ථා කිහිපයක දී විසඳම් ඉල්ලා සිටියද නිසි ප‍්‍රතිචාර නොලැබුණු බවයි. අඛණ්ඩ වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණ කළේ ඒ හේතුවෙන් බවද ඔවුන් ප‍්‍රකාශ කළා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ගෝල්ෆේස් විරෝධතාවට මා ගියොත් එලවා දමාවි..- හර්ෂ

Shiran Viraj

පොහොට්ටු මූලස්ථානයෙන් ගෝටාභයටත් කාමරයක්.. ක‍්‍රියාකාරී දේශපාලනයට..මූලස්ථානය තවත් ලොකු වෙයි

Shiran Viraj

කොන්ඩමයක් නොදැමීම.. තදින් සිරකිරීම…- ධනුෂ්කට විරුද්ද චෝදනා මෙන්න..

Shiran Viraj

Leave a Comment