Local News News

විදුහල්පතිනිය දණ ගැස්සවීමට විරෝධය පළ කරන්න පා ගමනක්

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දනගැස්සවිමේ සිද්ධියට විරෝධය පළ කරමින් අද (22) දෙමාපියන් පිරිසක් විසින්  විරෝධතා පා ගමනක නිරත විණි.
අද උදෑසන එම විද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වූ  මෙම පා ගමන බදුල්ල නගරය වෙත පැමිණි බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
මෙහිදී විරෝධතාකරුවන් ආණ්ඩුකාරවරයා වෙත සන්දේශයක් ද භාරදිමට නියමිතව තිබේ.
මේ අතර අදාළ සිද්ධියට විරෝධය පල කරමින් අද සිට දිවයින පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරන බව ලංකා ගුරු සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් ජෝෂ්ප් ස්ටාලින් මහතා සඳහන් කළේ එහි පළමු උද්ඝෝෂණය  අද දහවල් අනුරාධපුරයෙන් ආරම්භ කරන බවයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් 246 කට කොරෝනා : මුළු ආසාදිතයින් ගණන 569 දක්වා ඉහලට

Shiran Viraj

“ජයග්‍රහණය ගැන සමහර අයට සැකයක් තියෙන්න පුළුවන්” – පිරිස් ඉවත්වීම ගැන සජිත් පිලෙන් පැහැදිලි කිරීමක්

Shiran Viraj

තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වේ

Shiran Viraj