News Political

ජපන් විදේශ කටයුතු ඇමති ලංකාවට!

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කොනෝ මහතා අද (04) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ජපාන විදේශ අමාත්‍යවරයෙකු මෙරට සංචාරයක නිරත වන්නේ වසර 15කට පසු  වීම විශේෂත්වයකි.
ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා සිය සංචාරය තුළදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු බැහැදැකීමට නියමිත අතර විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
ජපානය සහ ශ්‍රී ලංකාව ඉතා සමීප දේශපාලන, ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සබඳතා පවත්වන අතර ජපානය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංවර්ධන සහකරුවෙකි.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

ජනතා අභිලාෂය ‘ගෝඨාභය ජනපති’ වනු දැකීමයි..ඊට පයින් ගසන්නන් ජාති ද්‍රෝහීන්.

Shiran Viraj

පන්දුවාර 20යි 20 ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවට කණ්ඩායම් 85 ක්

Shiran Viraj

සයිනොෆාම් ඊයේ පමණක් 71,000කට විදී.. කිසිම අතුරු ආබාධයක් නෑ..

Shiran Viraj