Local NewsNews

තැපැල් ඡන්දයට අමතර දින දෙකක්

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා ලබන 25 සහ 26 යන දින දෙකට අමතරව තවත් දින 02ක් වෙන් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව තැපැල් ඡුන්ද දායකයින්ට පෙබරවාරී 01 සහ 02 යන දිනවලදී තමන් අයිති දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ දී තැපැල් ඡන්දය සලකුණු කළ හැකි බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ‍්‍රී රත්නායක නෙත් නිවුස් වෙත පැවසුවේ.
සියලූ තැපැල් ඡන්ද අයදුම්පත් ලබන 18 වනදාට පෙර දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරීන්ට ලබාදීමට කටයුතු කරන ලෙස තැපැල දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම දෙසැම්බර් මස දෙවනදාගෙන් අවසන් වුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

IMF වෙතින් ජනපතිට සුබ පණිවුඩයක්…

Malar FM

පාස්පෝට් ඉල්ලුම 250% කින් ඉහළට… රටින් යන පිරිස් වැඩිවෙයි…

Malar FM

හෙරොයින් පැකට් කරන තැන වටලද්දී බන්ධනාගාර ලොක්කෙකුත් එතන ඉඳලා

Malar FM