Local NewsNews

භූගත ජලය ලබාගැනීම නියාමනයට පියවර

භූ ගත ජලය අධික ලෙස භාවිතය විවිධ පාරිසරික ගැටලු සඳහා හේතු වන බැවින් නළ ළිං විදුම් යන්ත්‍ර හිමිකරුවන් ජල සම්පත් මණ්ඩලය යටතේ ලියාපදිංචි කර භූගත ජලය ලබාගැනීම නියාමනයකට යටත් කරනු ලැබේ.
ඒ අනුව නළ ළිං ඉදිකිරීමේ කර්මාන්තකරුවන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය අංක 2010 / 23 දරන 2017 – 03 – 16 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ වෙයි.
එම රෙගුලාසි අනුව කටයුතු නොකරනු ලබන කර්මාන්තකරුවන් සඳහා ජල සම්පත් මණ්ඩල පනතේ විධිවිධාන යටතේ පනවනු ලබන දඩ මුදල වැඩි කිරීමටත්, නළ ළිං විදුම් යන්ත්‍ර සඳහා වාර්ෂික ලියාපදිංචි ගාස්තුවක් අය කිරීම මඟින් නළ ළිං විදුම්කරුවන්ගේ ප්‍රමිතියක් ඇති කිරීමටත් වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මන්ඩලය විසින් අනුමැතිය ලැබී ඇත.

(under the courtesy of news.lk news web)

Related posts

ඊයේ එජාපයට ගිහින් අද යළිත් ආණ්ඩුවට එන මන්ත්‍රි මෙන්න

Malar FM

ජනතාවට පණිවුඩයක් තබමින් ‘ආවා කල්ලිය’ අත්පත්‍රිකා දමා ගිහින්

Malar FM

පොහොට්ටුව ලොකු පිබිදීමක.. තුන් ගුණයකින් වැඩිවෙයි…

Malar FM