News Political

මැතිවරණ සිද්ධීන් සම්බන්ධයෙන් අපේක්ෂකයින් 2 ඇතුළු පුද්ගලයින් 20 ක් අත්අඩංගුවට

අද පෙරවරු 6.00න් අවසන් වු පැය 24 ක කාලය තුළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් අපේක්ෂකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 11කට සහ මැතිවරණ පැමිණිලි 21කට අදාළව මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.
ඒ අනුව පසුගිය 9 වැනිදා සිට මේ දක්වා පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 95ක් සහ මැතිවරණ පැමිණිලි  212ක් ලෙස සිද්ධීන් 307ක් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත වාර්තා වී  තිබේ.
එම සිද්ධීන්වලට අදාළව අපේක්ෂකයින් 27 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 258 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පොහොට්ටුවට 2/3 ස්ථිරයි..

Shiran Viraj

පොහොට්ටු පක්‍ෂ නායක හමුව යලිත් අවුල්.. සෙසු පක්‍ෂ නායකයෝ යන්න යති.. අදාල නැති පිරිසක් කැදවලා…

Shiran Viraj

මෙවර මග හරින්න බැරිවෙයි.. ලාෆ් ගෑස් මිල අඩු කරයි…

Shiran Viraj