News Political

තනි ආණ්ඩුවකට යන්න එජාපයට තදින් බලපෑම් කෙරේ

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග ඇති සන්ධාන ගිවිසුමෙන් ඉවත්ව තනි ආණ්ඩුවක් පිහිටුවන ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක් කෙරෙනවා.
ඊට අනුබද්ධ වෘත්තීය සමිති පවසන්නේ වසර කිහිපයක් පැවැති සන්ධාන ආණ්ඩුවෙන් එක්සත් ජාතික පාක්ෂිකයන්ට අපේක්ෂිත ප‍්‍රතිලාභ හිමිනොවූ බවයි.
සන්ධාන ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙකු වුවද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට එරෙහිව කටයුතු කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
රාජ්‍ය සේවා ජාතික වෘත්තීය සමිති සමිමේලනයේ ප‍්‍රධාන ලේකම් ඒ. ඒ. ඩී. ලලිත් ඉන්දික මේ බව සඳහන් කළා.
ඇතිවී තිබෙන තත්ත්වය තේරුම්ගෙන එක්සත් ජාතික පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන්නැයි එහි නායකත්වයට ඉදිරියේදී වඩා තදින් බලපෑම් කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
මේ අතර මාධ්‍ය වෙත ඊයේ (12) ප‍්‍රකාශයක් කරමින් අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ සන්ධාන ආණ්ඩුව තවදුරටත් පවතිනු ඇති බවයි. ආණ්ඩුවේ පැවැත්මට පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵලයෙන් බලපෑමක් ඇති නොවන බවද අමාත්‍යවරයා පැවසුවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

”එකෙක් හිරේ – අනිකා වලේ” ත්‍රීරෝද රථ සංගමයේ සභාපති ඝාතනයෙන් සතුටූ වූ හිටපු මන්ත්‍රී කහඳගම සතුටු වුන හැටි

Shiran Viraj

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන අනිවාර්ය නිවාඩු යැවු පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෙන් ප්‍රකාශයක් ගනියි

Shiran Viraj

බීමතින් නාගයෙකුට හාදුදෙන්න උත්සහ කළ පුද්ගලයාට නාගයා දෂ්ඨ කිරීමෙන් ජිවිතක්ෂයට

Shiran Viraj

Leave a Comment