Local News News

දුම්රිය ගමනාගමනය දින 2ක් නවතා දැමේ

නඩත්තු කටයුතු හෙට (17) සහ අනිද්දා (18) දින දෙකෙහි කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අත්හිට වන බව දුම්රිය  දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද (16) රාති‍්‍ර 8 ට කොළඹ කොටුවෙන් අවිස්සාවේල්ල බලා ධාවනය වන දුම්රියෙන් පසුව ලබන ඉරිදා මධ්‍යම රාති‍්‍ර වනතෙක් කිසිදු දුම්රියක් එම මාර්ගයේ ධාවනය වන්නේ නැහැ.
ලබන සදුදා දින සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය වන බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.
කැළණිවැලි දුම්රිය මාර්ගයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම හා ජලනල එළීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස කැළණිවැලි දුම්රිය මාර්ගය වසා දැමෙන බවයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ නෙත් නිවුස් වෙත කියාසිටියේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අද සිදු වූ කැබිනට් සංශෝධනයේ කිසිඳු එජනිස අමාත්‍යවරයෙක් නෑ – හේතුව මෙන්න

Shiran Viraj

ගුවන් හමුදා නිල ඇදුමක් සමග සැකකරුවෙක් ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට

Shiran Viraj

කොළඹ වරායෙන් කොවිඩ් ආසාදිතයින් හමුවේ

Shiran Viraj

Leave a Comment