අද පැවැත්වෙන ජාත්‍යන්තර තරඟාවලියක් හේතුවෙන් කොළඹ කොටුව සහ වැල්ලවත්ත ප්‍රදේශවල මාර්ගවල ගමනා ගමනය සීමා කිරීමට සිදු වන බව පොලීසිය පවසයි.
උදෑසන 05.00 සිට දහවල් 12.00 දක්වා මෙලෙස කොළඹ කොටුව, කොල්ලුපිටිය, බම්බලපිටිය සහ වැල්ලවත්ත යන ප්‍රදේශවල ගමනා ගමනය සීමා කරන බව පොලීසිය පවසයි.
කොටුව චෛත්‍ය පාර, ගාලුමුවදොර මැද පාර, ගාලු පාර කොල්ලුපිටිය මංසන්දිය දක්වාත්, කොල්ලුපිටිය දුම්රියපොල පාර සහ මුහුදුබඩ මාර්ගය වැල්ලවත්ත දක්වාත් ගමනාගමනය සීමා කෙරෙයි.
මෙම කාලය තුළ හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීම් කරයි.
(under the courtesy of adaderana.lk news web)