News Political

මහ මැතිවරණයක් ඉල්ලා සටන් කරනවා – මහින්ද

පවතින පාර්ලිමේන්තුවේ අගමැති පදවිය යෝජනා කළහොත් තමන් එය භාර නොගන්නා බව පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඒ වෙනුවට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මහ මැතිවරණයක් කැඳවන මෙන් යෝජනා කිරීමට බලාපොරොත්තුවන බව ද පවසයි.
හිටපු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ සෙනසුරාදා (පෙබරවාරි 10) පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
මැතිවරණයේ මෙතෙක් නිකුත්ව තිබෙන ප්‍රතිඵල අනුව පාලක සන්ධානයේ ප්‍රධාන පක්ෂ දෙකම පරාජය කරමින් ප්‍රබල ජයග්‍රහණයක් ලබාගැනීමට පොදු ජන පෙරමුණ සමත් වී තිබේ.
“මම බොහොම සන්තෝස වෙනව මේ ප්‍රතිඵලය ගැන මොකද ජනතාව එදා 08 වෙනිදා (2015 ජනවාරි 08) කරපු වැරැද්ද ගැන අද හරි මාර්ගයට ඇවිල්ල තියෙනව, අවබෝධ කරගෙන තියෙනව,” ඔහු පැවසීය.
මේ ප්‍රතිඵලයත් සමග රට තුළ මෙන්ම ආණ්ඩුව තුළ ද “අස්ථාවරභාවයක්” මතු වී තිබෙන බැවින් “මේ අස්ථාවරභාවයෙන් මුදාගන්න නම් ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවන්න ජනතා වරමක් ඉල්ලන්න ඕන කියන එක තමයි මම හිතන්නේ,” යනුවෙන් ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
”දැන් කරන්න තියෙන්නේ ඒක” :
19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව මහ මැතිවරණයක් පවත්වා වසර හතර හමාරක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා සතු නොවන නමුත් පාර්ලිමේන්තුවේ පක්ෂවල එකඟතත්වයෙන් එය සංශෝධනය කළ හැකි බව පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, “මහජනයා ඉදිරියට යන්න ඕන එයාලා, මම හිතන්නේ දැන් කරන්න තියෙන්නේ ඒක,” යනුවෙන් ද පැවසීය.
පොදු ජන පෙරමුණට ලැබී තිබෙන්නේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 45% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් බැවින්, ආණ්ඩුවට 2015 ජනවාරි 08 ජනපතිවරණයේදී ලැබුණු ජනවරම පළාත් පාලන මැතිවරණයේදී තවත් ශක්තිමත් වී තිබෙන බවට රාජිත සේනාරත්න අමාත්‍යවරයා කරන ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරය වූයේ “එයාට හීනෙන් පේනවා එහෙම ශක්තිමත් වෙලා කියල,” යන්නය.
විධායක ජනාධිපති ධුරය :
විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ප්‍රතිඥා දී බලයට පැමිණි වත්මන් ආණ්ඩුව එම ප්‍රතිඥා ඉටුනොකිරීම පිළිබඳව “ඔයාලා ඇතුළු මේ ආණ්ඩුව බලයට ගේන්න ක්‍රියා කළ ජනමාධ්‍ය නිහඬ” බවට ද ඔහු චෝදනාවක් එල්ල කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයෙකු මෙන්ම පක්ෂයේ තවමත් අනුශාසක පදවිය ද දරන අතරවාරයේ පොදු ජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දීම පක්ෂයේ විනය කඩකිරීමක් නොවේ දැයි බීබීසී සිංහල සේවය මීට ඉහතදී කළ විමසීමකට පිළිතුරු දුන් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ “පක්ෂයේ ප්‍රතිපත්ති කඩ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන” බවය.
ශ්‍රීලනිපයේ වත්මන් මධ්‍යම කාරක සභාව “නීත්‍යානුකූල නැති” බව ඒ අවස්ථාවේ සඳහන් කළ ඔහු වැඩිදුරටත් කියා සිටියේ පොදු ජන පෙරමුණේ නායකයා තමන් නොවන බවය.
(under the courtesy of srilankamirror.lk news web)

Related posts

පාපැදියේ මිලෙන් ඇස් උඩ ගිය ධර්මරත්නගෙන් හැමෝටම පණිවුඩයක්..

Shiran Viraj

සුබ අරංචි එකට තව තොගයක් ජනපති කියයි.. ගැස්සුනොත් පාතාලේ…

Shiran Viraj

ප‍්‍රදේශ 13ක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න..

Shiran Viraj

Leave a Comment