නිදහස් කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රිකට් ඉතිහාසයේ අමරණීයම දවසක්.නොමැකෙන මතකයක් ඉතිහාසයට එක්කළ ඊයේ දවසේ බංග්ලාදේශය සහ ඉන්දියාව තරග කළත් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් එක හිතින්ම ඉන්දියානුවන් සමග අත්වැල් බැඳගත්තා.
ඒකට ප්‍රධානම හේතුව තමයි බංග්ලාදේශ ක්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේ හැසිරුණු ආකාරය.නිදහස් කුසලාන තරඟාවලියේදී Water Boy ලා දෙන්නෙක් ගැන කතා වුණා.
ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තර්ජනය කරමින් නොහොබිනා විදියට හැසිරුණ නුරුල් හසන් තමයි එක්කෙනෙක්.අනිත් කෙනා තමයි ඊයේ අවසන් මහා තරගයේදී අවසන් පන්දුවේදී ඉන්දියාවට ජය ගෙනාව දිනේෂ් කාර්තික්.හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියන්න හොඳම සාක්ෂියක් තමයි මේ. මේ Water Boy ලා දෙන්න ගැන ප්‍රවීන ක්‍රීඩා අභිප්‍රේරක භාතිය අර්ථනායක අපූරු සටහනක් තබා තිබුණේ මෙලෙසින්.
ඒ Water Boy සහ මේ Water Boy අතර වෙනස.
2004 අවුරුද්දේ ජාත්‍යන්තර තරග කරලියට ආවත් තාම සෙල්ලම් කරලා තියෙන්නේ ටෙස්ට් මැච් 23 යි. එක්දින තරග 79 යි. T 20 නම් 19 යි. කඩුළු රැකීමේ දුර්වලතා නිසා හෝ පිතිකරණයේ අඩුපාඩු නිසා නම් නෙවෙයි. මහා ගස් අස්සේ වැවෙන ඊට වඩා කුඩා නමුත්, තවත් මහ ගස් පේන්නේ නෑ කියන හේතුව නිසා. මහේන්ද්‍ර සිං දෝණිගේ දිස්නේ නිසා දිනේෂ් කාර්තික්ගේ ප්‍රභාව අවධානයට ලක් නොවුණත් හැමදාමත් කාර්තික් පලමුපෙල දි විශිෂ්ඨ දක්ෂතා අතර හිටියා. හැබැයි නැෂනල් ටීම් එකට ආපු ගොඩක් වෙලාවල්වල ඔහු කලේ වෝටර් බෝයි වැඩේ. 2006 අවුරුද්දේ තමන්ගේ පලවෙනි T20 තරගයට ක්‍රීඩා කරන කාර්තික්ට ටීම් එකේ සෙල්ලම් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ අවුරුදු 7 කට පස්සේ ගිය අවුරුද්දේ. හේතුව දෝණි හැමදාම ඔහුට හිමි තැන හොදටම සෙල්ලම් කරමින් හිටපු නිසා.
ජීවිතේ මට හමුවෙලා තියෙනවා අවුරුදු 70 විතර බබාලා. ජීවිතේ ඇතුලේ කොච්චර ජීවත් වෙලා තිබුණත්, හැසිරෙන්නේ මුකුත් නොදන්න බබාලා වගේ. ජීවිතේ සිද්ධීන් වලින් ඉගෙනගෙන නෑ. ඒ වගේම මට හම්බවෙලා තියෙනවා අවුරුදු 20 විතර සීයලා. ජීවත් වෙලා තියෙන්නේ අවුරුදු 20 ක් වුණාට සමාජ අත්දැකීම්, කියෝපු පොතපත නිසා උන් හැසිරෙන්නේ සීයලා වගේ. කාර්තික් කියන්නේ අන්න එහෙම සීයා කෙනෙක්.
බංගලියන්ට තලපු, ඉන්දියාවට ශ්‍රී ලංකා නිදහස් කුසලානය හිමිකර දුන්නු කාර්තික්ගේ ඒ ඉනිම T20 ක්‍රීඩාවේ එහෙම තරග 19 කින් තරග 200 ක අත්දැකීම් උපයගත්ත ක්‍රීඩකයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ ඉනිමක්. කාර්තික් පිටියට එන්නෙම ජයග්‍රහණය සදහා පන්දු 12 කින් තම කණ්ඩායම ලකුණු 35 ක් ලබා ගන්න ඕනේ වෙලාවක. ඉන් පන්දු 08 කට මුහුණ දෙමින් ඒ ලකුණු 35 න් 29 ක්ම උදුරලා දෙන කාර්තික් අවසන් පන්දුවට මුහුණ දෙන්නේම දිනන්න නම් ලකුණු 05 ක් ඕනෑ වෙලාවක. පීඩනය උපරිමයි. හැබැයි අැර කාර්තික් ඇරෝ. ලණුව උඩින් ඇරෝ ගේම් එකෙන් කාර්තික් විතරක් නෙවෙයි ඉන්දියාවම දිනුම්. අන්තිම පන්දුවට ලකුණු 06 ක්. කුසලානය ඉන්දියාවේ අතේ. කාර්තික් හතරේ පහර 02 ක් සහ හයේ පහර තුනක් එක්ක නොදැවී ලකුණූ 29 යි.
ජීවිතේ කොච්චර අවස්ථා අපි පහුකලත් අපේ ප්‍රභාව මතු වෙන්නේ එකම එක තැනකින්. ඒ මොහොත කොයි වෙලාවක හරි එනවාමයි. හැබැයි ඒක එන්නේ ලොකු පීඩනයක් විදියට. හරියට කාර්තික්ට ඊයේ කරන්න උනා වගේ. නැත්නම් කාලෝස් බ්‍රැත්වෙයිට් ට පහුගිය පන්දුවාර විස්ස ලෝක කුසලානයේ දී අන්තිම පන්දුවාරයේ දි කොදෙව් ජයග්‍රහණය සදහා ලකුණු 19 ක් ගන්න උනා වගේ. ඒ තීරණාත්මක අවස්ථාවේ දී දිනන්න නම්, තමන් කරන්න ඕනේ මොකක් ද කියන එක ගැන නෙවෙයි හරි ක්‍රීඩකයා හිතන්නේ. ඇයි මම මේක කරන්න ඕනේ කියලා. ඔය what and why දෙකේ වෙනස ඒකයි. මොකක්ද කරන්න ඕනේ කියලා දකින ක්‍රීඩකයාට වඩා ඇයි මම මේක කලයුත්තේ කියන දේ දකින ක්‍රීඩකයා නොහිතපු ජවයකින් සටන් කරනවා. කාර්තික්ට ඊයේ තරගය කියන්නේ මේ ක්‍රිකට් ගැන ගනුදෙනුවක් නෙවෙයි. ඒක ඉන්දියාවේ අභිමානය ගැන ගනුදෙනුවක්. අන්න එතැනදි ඔහු වගේ ක්‍රීඩකයෙකුගෙන් මේ ඉනිම බලාපොරොත්තු වෙන්න පුළුවන්. කණ්ඩායමේ හොදම පහක් විවේක ගන්වලා තිබීම බංගලියන්ට පරදින්න සාධාරණ හේතුවක් නොවෙන බව ඔහුට හිතෙන්න ඇති.මිනිස්සුන්ගේ ජීවිතේ හැමවිටම අවස්ථා එන්නේ නෑ. 2010 මැච් එකක් ගහපු කාර්තික්ට නැවත අවස්ථාවක් එන්නේ 2017 දි. ඒ අතරතුර ගොඩක් අවස්ථාවල ඔහු Water boy විදියට බංකුවේ. සමහරවිට හෙට දෝණි කණ්ඩායමට ආපුවාම ආයෙත් සුපුරුදු ජොබ් එකට යන්න කාර්තික්ට සිද්ධ වෙයි. නමුත් අර පිට්ටනිය මැද්දට ඇවිල්ලා ගොන් ජෝක් එකක් වුණු බංග්ලාදේශ් වෝටර් බෝයිලට විතරක් නෙවෙයි, අපේ ශ්‍රී ලංකා ටීම් එකේ බෝයිස්ලට වුණත් ඉගෙන ගන්න දෙයක් කාර්තික් ඊයේ මැච් එකෙන් පස්සේ ඉතුරු කරලා තියෙනවා.
ලැබෙන අවස්ථාවෙන් ජීවිතේට උපරිම අත්දැකීම් ගනිං. ඒවා තීරණාත්මකම අවස්ථාවේ උපරිමෙන් පාවිච්චි කරපං. බංකුවෙන් නැගිටලා ඇවිත් රටේ ජර්සියට සෙල්ලම් කරන වෙලාවට අන්තිම බෝලෙට හයක් ඕනේනම්, පුළුවන් කියන ෆීල් එකෙන් ෆිනිෂ් කරපං.කාර්තික්ලා, ඉන්දියාවේ ජර්සියෙන් විතරක් නෙවෙයි, ලංකාවේ ජර්සියෙන් දකින්නත් ඇත්තටම ආසයි.
(under the courtesy of adaderana.lk news web)