නීති විරෝධි ලෙස විදේශීය දුම්වැටි තොඟයක් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද(30) උදෑසන ඩුබායි සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුගේ ගමන් මළු පරික්ෂා කිරිමේදී අදාළ දුම්වැටි තොඟය සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශය රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය.
එහිදී ගමන් මළු තුළ තිබී රුපියල් ලක්ෂ 16කට අධික වටිනාකමින් යුත් දුම්වැටි 33,000ක් සොයාගෙන තිබේ.
සැකකරු 36 හැවිරිදි උහුමීය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ගුවන් තොටුපල රේගුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
(under the courtesy of adaderana.lk news web)