Local News News

ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි 2ක් දැලේ

ව්‍යාජ මුදල් නෝට්ටු ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු දමන, එරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

දමන පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

එහිදී ඔවුන් සතුව තිබී රුපියල් 5000 සේ ව්‍යාජ මුදල් නෝට්ටු 14ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 34 හැවිරිදි සහ 37 හැවිරිදි දමන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (24) අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

දමන පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කොළඹ නගර සභාවේ නගරාධිපති තෝරන්න තව ඡන්දයක්…

Shiran Viraj

භෝග වර්ග හයකට රජයෙන් සියයට පනහක බීජ සහනයක්

Shiran Viraj

ඉහල හමුදා ලොක්කෙක් කොරෝනා මධ්‍යස්ථානයකදී රෝගියෙකුට තිරිසන්ව පහර දේ.. අත පය කැඩී බෙහෙත් දමයි..

Shiran Viraj