Local News News

සාමාන්‍ය පෙළ විභාගයේ ඉහළම සාධන මට්ටම මෙවර දකුණු පළාතෙන්

දකුණු පළාත මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී ඉහළම සාධන මට්ටමක් පෙන්නුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට දිවයින පුරා පෙනී සිටි සිසුන්ගෙන් දෙලක්ෂ 16,815 දෙනෙකු උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 73.0ක් පහක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දකුණු පළාතේ උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිශතය සියයට 79.41ක් වන බව සඳහන් වෙයි.
දිස්ත්‍රික්ක වශයෙන් සැලකීමේදී උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබූ ඉහළම ප්‍රතිශතය සහිත දිස්ත්‍රික්ක බවට පිළිවෙලින් හම්බන්තොට, මාතර හා ගාල්ල යන දිස්ත්‍රික්ක පත්ව තිබේ.
මීට අමතරව කළුතර හා මන්නාරම දිස්ත්‍රික්කවල හැර සෙසු දිස්ත්‍රික්කවල සියලුම විෂයන් අසමත් වූ ශිෂ්‍ය ප්‍රතිශතය පසුගිය වසරට සාපේක්ෂව අඩු වී ඇති බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

මහර බන්ධනාගාරයේ සිදුවීමට සජිත් කොමිසමක් ඉල්ලයි

Shiran Viraj

ඥාණසාර හිමි රතන හිමි මන්ත‍්‍රීකමට පොරයක්.. කොඩියේ ජාතික ලයිස්තුවත් අවුලක..

Shiran Viraj

ලෝකයම එපා කියන ලංවිමට නැතිවම බැරි ගල් අගුරු බලාගාර – ඇත්ත කතාව මෙන්න

Shiran Viraj

Leave a Comment