රථ වාහන වැරදි කිහිපයක් සඳහා යෝජනා වී තිබූ රුපියල් විසිපන් දහසේ දඩය රුපියල් 3000ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවේ නිර්දේශ අනුවයි. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ද ඊයේ වාද විවාද ඇති වුණා. ඒ, මෝටර් වාහන පනත යටතේ වූ නියෝග කිහිපයක් විවාදයට ගත් අවස්ථාවේදීයි.
මෝටර් වාහන පනත යටතේ වූ මෙම නියෝග පාර්ලිමේන්තුවේ දී ඊයේ සම්මත වුණා.
(under the courtesy of nethnews.lk news web)