මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තව දුරටත් කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ ලිදුල පොලිස් වසමට අයත් මටුකැලේ දෙලොස්වන ජනපදයේ වතු නිවාසයක ඉදි කර තිබු තාවකාලික මුළුතැන් ගෙයක බිත්තියක් කඩාවැටිමෙන් පාසල් සිසුන් දෙදෙනෙක් තුවාල ලබා නුවරඑලිය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව ලිදුල පොලීසය පවසයි.
ඊයේ (05) පස්වරු 5 පමණ පාසල් හැර පැමිණි සිසුන් දෙදෙනා තම නිවසේ මුළුතැන්ගේ තුල ආහාර ගනිමින් සිටියදි එම මුළුතැන්ගේ පැති බැම්මක් ඔවුන් මතට කඩාවැටි ඇති බව පොලිසිය කියා සිටියේය.
කඩා වැටුණු බිත්තියට යට වි සිටි පාසල් සිසුන් දෙදෙනා ප්‍රදේශවාසින් එක්ව ගොඩ ගෙන ලිදුල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා නුවරඑලිය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.
(under the courtesy of adaderana.lk news web)