Local News News

මාසයක් තුළ පාතාල කල්ලි සාමාජිකයින් 18 දෙනෙකු අත්අඩංගුවට

මසක් තුළ සිදු කළ මෙහෙයුම්වලින් පාතාල කල්ලි සාමාජිකයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ අතුරින් අට දෙනෙකු අඟුලාන අංජු නැමති පාතාල කල්ලි ප්‍රධානියාගේ ගෝලයින් බව ය.
 
සෙසු පිරිස මාකඳුර මධුෂ් නැමැත්තාගේ ගෝලයින් බව ද ඔහු පවසයි.
 
මේ අතර අත්අඩංගුවට ගැනීමට තැත් කිරීමේදී තවත් පාතාල කල්ලි සාමාජිකයින් තුන් දෙනෙකු පොලිස් වෙඩි පහරින් මියගොස් ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
 
එම බලකාය සදහන් කළේ, මේ වනවිට මෙරට ප්‍රධාන පෙලේ පාතාල කල්ලි නායකයින් 6 දෙනෙකු විදේශගතව සිටින බව ය.
 
ඔවුන් අතර අංගොඩ ලොක්කා හා මාකඳුර මධුෂ් යන අය ඉන්දියාවේත්, අඟුලාන අංජු ඩුබායි රාජ්‍යයේත් සිටින බවට තොරතුරු තහවුරු වී ඇති බව ද පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
 
කෙසේ වෙතත් විදේශගතව සිටින ලඩියා, කොස්ගොඩ සුජී, කෙසෙල්වත්ත දිනුක යන පාතාල කල්ලි නායකයින් කුමන රටක සැඟවී සිටින්නේදැයි මෙතෙක් නිශ්චිත තොරතුරක් නොමැත.
 
ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා නිවේදන නිකුත් කර ඇති බව ද පොලිස් විශේෂ කාර්ය බලාකායේ එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා සඳහන් කළේය.
 
මේ අතුරින් කොස්ගොඩ සුජී හා මධුෂ් යන පුද්ගලයින් දුටු තැන අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කර තිබේ.
 
මේ අතර මසක් තුළ කළ මෙහෙයුම්වලින් ගිනි අවි 6ක් ද සොයා ගත් බව එම නිලධාරියා වැඩි දුරට ත් සඳහන් කළේය.

(under the courtesy of newsfirst.lk web)

Related posts

ටිකෙන් ටික වෙනස් වූ ශ්‍රී ලංකා සිතියමේ අලුත්ම පෙනුම – කොටස් 70ක වෙනස්කම් අවසන්

Shiran Viraj

ඔක්තෝබර් 18 සිට ලංකාවේ ඉන්නේ ජනාධිපති සහෝදරයෙක්…

Shiran Viraj

පක්‍ෂ එක්ක සන්ධාන ගහන්නෑ.. ස්වාධීන කණ්ඩායම් එක් කර බලය පිහිටුවනවා..- ටිල්වින්

Shiran Viraj