News Sports Sports News

තිලංගගේ ක්‍රිකට් පාවාදීමේ චෝදනා වලට අර්ජුන සහ අරවින්ද උත්තර දෙයි.

ක්‍රිකට් තරඟ පාවාදීම් ගැන මේ වෙද්දී වැඩියෙන් කතා බහට ලක්වෙනවා. ලංකාවේ නමත් ඒ අතර තියෙනවා. ලංකාවේ ක්‍රිකට් පාවාදීම් ගැන අලුත්ම චෝදනාව එල්ල වෙන්නේ 96 ලෝක ශූර කණ්ඩායමේ නායක අර්ජුන රණතුංගට සහ හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා.
 
ඔවුන්ට මේ චෝදනාව එල්ල කරන්නේ ඒ වගේම ක්‍රිකට් පාවාදීම් ගැන චෝදනා එල්ල වෙලා තියෙන හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල. ඔහු 2001 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා විදියට සිටියදී මේ සිදුවීම වුණා කියලයි සඳහන් කරන්නේ.
 
“අර්ජුනට සහ අරවින්දට තමයි පළවැනි වතාවට සල්ලිවලට තරග පාවා දුන්නා කියලා ලංකා ඉතිහාසයේ නම සඳහන් වෙන්නේ. ඩොලර් 15000ක් ගත්තා කියලා ලිඛිතව අපිට වාර්තා එවලා තිබුණා. ඒ වෙලාවේ පරීක්ෂණ කරලා ඔවුන්ට දඬුවම් කළේ නෑ කියලා මුළු ලංකාවෙම ක්‍රිකට් ප්‍රජාව මට බනිනවා. හොරෙක් නම් හොරකම් කළා කියලා ප්‍රසිද්ධ කරන්න තිබුණා,” කියලා තිලංග සුමතිපාල ප්‍රකාශ කරේ.
 
1994 වසරේ ඉන්දියාවේ ලක්නව්හි පැවති ක්‍රිකට් තරගයක් පාවා දීම ගැන තමයි අර්ජුනට සහ අරවින්දට චෝදනා එල්ල වුණේ. ඉන්දීය ජාතික බුකිකරුවෙකු ඒ දවස්වල මේ චෝදනාව කරලා තිබ්බා. ඒ නිසා මේ ගැන රාජ නීතිඥ ඩෙස්මන්ඩ් ප්‍රනාන්දුගේ මුලිකත්වයෙන් පරික්ෂණයක් පැවැත්වුණා. එහිදී ඔවුන් දෙදෙනා නිර්දෝෂයි කියලා ඔප්පු වුණා.
 
තිලංගගේ මේ චෝදනාවට ඊයේ අර්ජුන සහ අරවින්ද පිළිතුරු දුන්නා. වසර 17කට කලින් තමන් නිදහස් වුණ චෝදනාවක් ආයේ කරළියට ගෙන ඒමේ අරමුණ තමන් දන්නේ නෑ කියලා අරවින්ද ප්‍රකාශ කරා.
 
“මම ක්‍රිකට් බෝඩ් එකේ ක්‍රිකට් කමිටුවේ හිටියා, එයා මට වරින් වර කිව්වා උප සභාපති වෙලා එන්න කියලා, මට ඒ වගේ චෝදනාවක් තිබ්බ නම් එයාට යුතුකමක් තිබුනා මට කතා නොකර ඉන්න.” කියලයි අරවින්ද වැඩි දුරටත් කිව්වේ. තේරීම් කමිටු සාමාජිකයකු වෙලා ඉන්න කාලයේ තමන්ට හිමිවූ මුදල් චෙක්පත් ආයෙම ක්‍රිකට් ආයතනයටම දුන්නා කියලා ඔහු චෝදනා වලට උත්තර දුනනා.
 
හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග කිව්වේ තමන්ට එච්චර මුදලක් ඕන නම් ඒ කාලේ වෙළඳ දැන්වීමකට ඉඳලා ගන්න තිබුණා කියලයි. තමන් සහ අරවින්ද මුදලට ක්‍රිකට් ක්‍රීඩා නොකරන නිසා බුකී ව්‍යාපාර වලට සම්බන්ධ පිරිස් මෙවැනි චෝදනා වලට තමන් සම්බන්ධ කිරීමේ අසාර්ථක උත්සාහයක නියැළුනා කියලා ඔහු වැඩිදුරටත් සඳහන් කරා.

(under the courtesy of siyathafm.lk news web)

Related posts

රජයෙන් නිවේදනයක්..

Shiran Viraj

මං රැස්වීම් නවත්වන්නේ නෑ.. දිගටම තියනවා..- සජිත්

Shiran Viraj

මෛත‍්‍රීත් පවුල් දේශපාලනයට.. පුත් දහම් ඉදිරි මැතිවරණයට..

Shiran Viraj

Leave a Comment