Local News News

ඉන්ධන මිල ඉහළ දැමීම ගැන ඛනිජ තෙල් වෘත්තීය සමිති විරෝධය පායි

ලෝක වෙළෙදපොලේ බොර තෙල් මිල ගණන පහත වැටී ඇති සමයක ඉන්ධන මිල වැඞී කිරීමට රජය ගත් තීරණය අසාධාරණ බව ඛනිජ තෙල් වෘත්තීය සමිති චෝදනා කරනවා.

මිල සූත‍්‍රයට අනුව ඉන්ධන මිල ගණන් වැඩි කිරීම පිළිබදව ඉදිරියේදී තොරතුරු දැන ගැනීමේ පනත යටතේ නීතිමය පියවර ගන්නා බවයි ඔවුන් පැවසුවේ. ඛනිජ තෙල් සංස්ථාවේ පොදු සේවක සංගමයේ ලේකම් ඞී. ජේ. රාජකරුණා මේ බව සඳහන් කළා.

ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ගාල්ලේදී මාධ්‍ය හමුවක් කැඳවමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩිද අදහස් පළ කළා. ඔහු කියා සිටියේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ණය පියවීමට විසදුම් ලබා නොදී  මිල සූත‍්‍රයක් කි‍්‍රයාත්මක කිරීම ප‍්‍රායෝගික නොවන බවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ඖෂධ හිගයි.. රෝහල්වල ශල්‍යකර්ම සීමා කරයි… පිළිකා සහ හදිසි අනතුරු සැත්කම් පමණයි..

Shiran Viraj

අවශ්‍ය තැන්වල තැබෑරුම් දාන්න මාලිමා ආණ්ඩුව සහාය දෙනවා..- අනුර

Shiran Viraj

සීත සෘතුවේදී සංචාරයට සුදුසුම රට ශ්‍රී ලංකාවයි : අමෙරිකානු වෙබ් අඩවියක් නම් කරයි

Shiran Viraj