News Political

පොහොට්ටුව පිහිටුවා ඓතිහාසික ජයක් ගෙන ආවේ බැසිල් රාජපක්‍ෂයි.. මීලග ජනාධිපති අපේක්‍ෂකයා ගැනත් ගෝටා කියයි..

හෝමාගම, ගොඩගමදී ඊයේ දින පැවති ‘එළිය’ සම්මන්ත‍්‍රණය අමතමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කලේය.
හැමෝම අහන ප‍්‍රශ්නයක් තමයි විපක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුරුන්ද කියන එක. විශේෂයෙන්ම ඒ දේ එක්සත් ජාතික පක්‍ක්‍ෂයට ලොකු අභියෝගයක් වෙලා තිබෙනවා. ඒ අය විවිධ මත ගෙන හැර දක්වනවා. මම හිතන්නේ ඒ කාර්යය ගැන මනා අවබෝධයක් තිබෙන, ජනතාවගේ විශ්වාසය දිනාගත්, දේශපාලන වශයෙන් පරිණත සියලූම මහජනතාවගේ නායකයා වූ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා නියම අවස්ථාවේදී ඒ තීරණය ගනී. දෙවරක්ම ජනාධිපතිවරණයට තම නායකයා කවුද කියලා ඉදිරිපත් කරන්න බැරි එජාපයට තමයි මේ ප‍්‍රශ්නය වැඩිපුරම ගෙනෙන්නේ.
මේ වෙලාවේ වැදගත් වෙන්නේ අපි අපේ ජනතා බලවේගය ඒකරාශී කිරීමයි. අවශ්‍ය වෙලාවට සැලසුම් සකස් කරලා තිබුණා නම් කුමන නායකයා ආවත් අපිට ජයග‍්‍රහණය කරන්න පුළුවන්කම තිබුණා. එදා වගේම අදත් මහින්ද රාජපක්‍ෂ වටා මේ රටේ ජනතාව ඒකරාශී වෙලා ඉන්නවා. අපිට පක්‍ෂයක් නැතිව තිබෙන අවස්ථාවක පොදුජන පෙරමුණ ඇති කරලා ඓතිහාසසික ජයග‍්‍රහණයක් ලබා දෙන්න බැසිල් රාජපක්‍ෂ මහතාට හැකි වුණා.
සියලූම වෘත්තිකයන්ගේ අදහස් හා දැනුම එකතු කරගෙන ඉදිරි රජයකදී ක‍්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන්නයි වියත්මග ඇති කළේ. එම වැඩපිළිවෙළ මේ රටේ ජනතාව දැනුවත් කිරීමටයි එළිය සංවිධානය ඇති කළේ. ජනතා බලවේගය අධෛර්්‍යයමත් කරන වැඩවලින් අපි වැළකී සිටිය යුතුයි. එදා ඇතැමුන් ජනතාව නොමග යැව්වා. ඒකීය රටක් බලාපොරොත්තු වන, ආරක්‍ෂාවේ වැදගත්කම තේරුම්ගත් ජනතාවගේ බලවේගය ඉදිරියට ගෙන යෑමටයි අප සැමගේ යුතුකම වෙලා තිබෙන්නේ. ව්‍යවස්ථා සංශෝධන මගින් රටට වන හානිය පෙන්වා දුන්නා. අවුරුදු තිහක් තිස්සේ රටේ ඒකීයභාවය වෙනුවෙන් සටන් කළ රණවිරුවන්ට ඇතිවෙලා තිබෙන තත්ත්වය ගැන කනගාටුයි. රටේ ආර්ථිකය කඩාවැටිලා.

(under the courtesy of lankacnews.com news web)

Related posts

අයවැයෙන් භාණ්ඩ හා සේවා 622කට බදු පනවලා…

Shiran Viraj

ගත වූ මාසයේ උද්ඝෝෂණ 120ක්.. කොරෝනා පැතිරෙන්න හේතුව එයයි..- බුද්ධි අංශ සොයාගනී…

Shiran Viraj

ඉහල හමුදා ලොක්කෙක් කොරෝනා මධ්‍යස්ථානයකදී රෝගියෙකුට තිරිසන්ව පහර දේ.. අත පය කැඩී බෙහෙත් දමයි..

Shiran Viraj

Leave a Comment