Local News News

ලංකාවේ කාලගුණයත් නපුරු වෙයි.

මධ්‍යම ඌව සබරගමුව බස්නාහිර දකුණ සහ වයඹ යන පළාත් වලට එලෙස වැසි ඇති විය හැකියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ වැසි අධික කාලගුණ තත්වය ලබන 3 වනදා තෙක් අපේක්ෂා කෙරෙන බවයි.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුලං ඇති විය හැකි අතර අකුණු මගින් සිදුවන අනතුරු වලක්වා ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ පවතින වැසි සහිත කාලගුණයත් සමග කදුකර ප‍්‍රදේශවල නායයෑම් අවදානමක් පවතින බවයි. ඒ හේතුවෙන් එම ප‍්‍රදේශ වල ජනතාව නායයෑම් ලක්ෂණ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවිය යුතු වනවා.
මේ අතර අද පස්වරුවේ ඇද හැලූනු අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගය හැටන් මල්ලිඅප්පුව ප‍්‍රදේශයෙන් යට වී තිබෙනවා. ඒ හේතුවෙන් එම මාර්ගය හරහා සිදු වන වාහන ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී ඇති බවයි සියත හැටන් වාර්තාකරු සදහන් කලේ. ගත වූ පැය 24 තුල දිවයිනේ වැඩිම වර්ෂාපතනය කුකුලේගග ප‍්‍රදේශයෙන් වාර්තා වන අතර එය දැක්වෙන්නේ මිලිමීටර 137 ක් ලෙසයි.

(under the courtesy of siyathafm.lk news web)

Related posts

අපේ කොරෝනා මර්දන සාර්ථකත්වය 100%යි.. අපි සිටින්නේ අති විශිෂ්ඨ තැනකයි..- කොරෝනා මර්ධන බලකා ප‍්‍රධානී සහතික කරයි…

Shiran Viraj

කොරෝනා හැදුනු චීන කතට පූර්ණ සුවයි.. ‘කාරුණික ඔබලාට ස්තුතියි’ කියා රෝහල් කාර්ය මණ්ඩලය සමග පින්තූරයක්..

Shiran Viraj

අවට සල්ලි තියෙන අයගෙන් ආධාර එකතු කරලා සියළු පාසල් නඩත්තු කරනවා…

Shiran Viraj

Leave a Comment