Local News News

විදුලි සැර වැදී කූපර් පොලිස් දිවියට සමුදෙයි

විදුලි සැර වැදී කූපර් පොවවුනියාව,ඉරට්ටපෙරියකුලම පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් නිල සුනඛයාට විදුලිය වැදීමෙන් අද(10) උදැසන ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව ඉරට්ටපෙරියකුලම පොලීසිය පවසයි.
නිල සුනඛයා උදැසන ව්‍යායාම සඳහා රැගෙන යන අවස්ථාවේ පොලිස් ක්‍රීඩාංගනයේ සිදුවු විදුලි කාන්දුවීමකින් සුනඛයාට විදුලිය වැඳී ඇති බව පොලීසිය පවසයි.
අදාළ අවස්ථාවේ සුනඛයාගේ භාරකරු සුනඛයා බේරා ගැනීමට උත්සහ දරා ඇති අතර, එහිදි සුනඛයාගේ භාරකරුටද විදුලිය වැදී ඇති බවද පොලීසිය සඳහන් කරයි.
වයස අවුරුදු දෙකහාමාරක් පමණ වයසැති කූපර් නැමැති නිල සුනඛයා අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇති අතර, සුනඛයාගේ භාරකරු වන පොලිස් කොස්තාපල් 30018 උදයකුමාර නැමැති නිලධාරියාද තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති බව පොලීසිය පවසයි.
මියගිය සුනඛයාගේ මරණ පරීක්ෂණ වවුනියාව දකුණ පශු වෛද්‍ය කාර්යාලයේදී පැවැත්වීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉරට්ටපෙරියකුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.ලිස් දිවියට සමුදෙයි

(under the courtesy of adaderana.lk news web)

Related posts

අගමැති ජාතිය අමතන්න සූදානම්.. ඉල්ලා අස් නොවන්නැයි දැඩි ඉල්ලීම්…

Shiran Viraj

ගම්මන්පිල-කාරියවසම් මහා විවාදයට රූපවාහිනී නාලිකා 04ක් සූදානම්..

Shiran Viraj

ලංකාවෙන් පැන ගිය කංජිපානි දේශපාලන රැකවරණ ලැබ ප‍්‍රංශයෙන් මතුවේ…

Shiran Viraj

Leave a Comment