Local News News

නාවලපිටිය නගරය ජලයෙන් යටවෙයි.. රථ වාහන ගමනා ගමනයට බාධා…

නාවලපිටිය ප්‍රදේශයට ඊයේ  (19) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ ප්‍රධාන මාර්ගයේ  කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට පැයක පමණ කාලයක් දැඩි බාධා පැමිණ තිබුණි.
නාවලපිටිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය තැපැල් කාර්යයාලය සිට  නාවලපිටිය ශ්‍රි පාද පිරිවෙනදක්වා මිටර් 300 පමණ කොටසක්  පස්වරු 5.30 සිට 6.30  දක්වා පැයකට ආසන්න කාලයක්  මෙසේ ජලයෙන්  යට වි තිබුණි.
අධික වර්ෂාව හේතුවෙන් ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවිම නිසා එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයටද දැඩි බාධා පැමිණුනා.
නාවලපිටිය නගරයේ වැසි ජලය ගලා බසින කාණු පද්ධති අවහිර වි තිබිම නිසා අධික වර්ෂාව පතිත වන දිනයන්හි නාවලපිටිය නගරයේ කොටසක් මෙසේ ජලයෙන් යටවන බව නාවලපිටිය නගරයේ වෙළදුන් පවසයි.
– හැටන් රංජිත් රාජපක්ෂ

(under the courtesy of lankacnews.com news web)

Related posts

අයිස් මිල ඉහළට

Shiran Viraj

මිනිස් හිසක් හමු වූ සිද්ධියේ කඳ කොටස ගොඩ ගන්න පොලිසිය යයි

Shiran Viraj

ශ‍්‍රී ලංකාව කොරෝනා සමාජ ව්‍යාප්තියට 1%ක් ආසන්නයේ… නිර්වචනය මෙන්න..

Shiran Viraj

Leave a Comment