Local News News

පැලවත්තේ ගින්නෙන් වෙළඳ සැල සම්පූර්ණයෙන් විනාශයි-174 බස් පාරත් වැසෙයි

1.31pm:-බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධියේ පිහිටා ඇති පෞද්ගලික වෙළඳ සැලක හටගත් ගින්න නිවීම සඳහා මේ වන විට ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් යොදාගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
මෙම ප්‍රදේශයේ අවට මේ වන විට විදුලියද විසන්දි කර ඇති බව වාර්තා වෙයි.
———-
බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධියේ පිහිටා ඇති පෞද්ගලික වෙළඳ සැලක ගින්නක් හට ගෙන තිබේ.
රෙදිපිළි හා වෙනත් ද්‍රව්‍ය අලෙවි කරන මෙම ස්ථානයේ අද(11) උදෑසන මෙම ගින්න හට ගෙන ඇත.
මේ හේතුවෙන් බොරැල්ල-කොට්ටාව 174 බස් මාර්ගය සම්පූර්ණයෙන් වසා දමා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
ගින්න ඉතා වේගයෙන් පැතිර යන අතර, වෙළඳ සැල ආසන්නයේ ඇති ටයර් අලෙවි කිරීමේ වෙළඳ සැලට මෙය ව්‍යාප්ත වී ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේය.
ගින්නෙන් වෙළඳ සැල සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර, සිදුව ඇති හානිය මෙතෙක් අනාවරණය වී නොමැත.
කෙසේ වෙතත් මේ වන විට ගින්න පාලනය කිරීම සඳහා කෝට්ටේ මහ නගර සභා ගිනි නිවීමේ ඒකකයේ රථ පිටත්ව ගොස් ඇති බව ගිනි නිවීමේ ඒකකය පවසයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පිරිසක් රටින් පනින්න හදනවා.. අපි සේවයෙන් ඉවත් වෙනවා..- ආගමන විගමන නිලධාරීන්

Shiran Viraj

මහ බැංකුවේ මුදල් මණ්ඩලය සම්පූර්ණයෙන් ඉවත් කරන්නැයි කියයි..

Shiran Viraj

රටට අනාගතයක් නෑ.. තරුණ තරුණියන් පාස්පොට් පොලිමේ… අපි හදනවා හොරු නැති ආණ්ඩුවක්…- ශ‍්‍රීලනිපය කියයි….

Shiran Viraj