News Political

දෙසිය විසිපහේ ගැටළුව ලක්ෂ 150කට භාර කළ බවට ආණ්ඩුවෙන් ප‍්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ආණ්ඩු පක්ෂය අද (10) අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මේ, ඊට එක්වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන.

බහුතරය තිබෙන්නේ අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ අපගේ මන්ත්‍රි කණ්ඩායමටයි. ජනතාවට පාර්ලිමේන්තුව පත් කිරීමෙන් ඇතිවූ ආර්ථික කඩා වැටීම රට බංකොලොත් භාවයක් ඇතිවුනා ඒ නිසා අලුත් පාර්ලිමේන්තුවක් පිහිටුවීමේ සදහා ජනතාවට ගෞරවණිය අවස්ථාව ලබා දීමට මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

පාර්ලිමේන්තුවේ 225 දෙනාට විසඳාගත නොහැකි ප‍්‍රශ්නය ජනාධිපතිවරයා ලක්ෂ 150ක් වන මෙරට ඡන්ද දායකයින්ට භාරදී ඇති බවයි අමාත්‍ය විමල් වීරවංශ මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේ.

බලය ඉන්න ආණ්ඩුවකට ඔය කියන ඊනියා ආණ්ඩුවට 113 දෙනා හදන එක ලොකු දෙයක් නෙමෙයි. සල්ලි කඳු ගණන් බෙදන්න පුළුවන්නම් එහෙන් දෙන ගානට වඩා මෙහෙන් ගානක් තියා ගන්න දෙනවානම් මේ දේ කරන්න පුළුවන්. මෙහෙම කිව්වේ අනුර කුමාර දිසානායක විසින්. පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාට මේ ගැන තීරණයක් ගන්නවාට වඩා මේ රටේ සිටින ලක්ෂ 150 ක් පමණ වන බුද්ධිමත් ජනතාවට ඒ සදහා තීරණයක් ගන්න ජනාධිපතිවරයා විසින් අවස්ථාව ලබා දීලා තියෙනවා.

(under the courtesy of adaderana.lk news web)

Related posts

බි‍්‍රතාන්‍යයට කොරෝනා දෙවන රැල්ලක් – ස්පාඤ්ඤ අගනුවර ලොක්ඩවුන්

Shiran Viraj

චීන පොහොර සමාගම ලංකාවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරුවේ නඩු දමයි…

Shiran Viraj

ගෝටාභයට ජනාධිපතිවරණයේදී ඡන්දය දුන් හැමෝම අද කලකිරීමෙන් ඉන්නේ..

Shiran Viraj

Leave a Comment