News Political

මං ගැන බොරු කියන්න එපා

තමා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සමාජ ජාල වෙබ් අඩවි අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම හෙලා දකින බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පවසයි.

අතිශය වැදගත් කටයුත්තක් වෙනුවෙන් තමන් මේ වන විට විදෙස්ගතව සිටින අතර එක්සත් ජාතික පක්ෂය ගෙනයන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සහෝදර මන්ත්‍රීරුන්ගෙන් ඉල්ලීමක් කරන බව ලසන්ත අලගියවන්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

තම දේශපාලන ජීවිතය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පක්ෂ සාමාජිකත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් කැපකර ඇති අතර වර්තමානයේත් අනාගතයේත් නිදහස් පක්ෂය සහ එහි නායකයා සමඟ රටේ පොදු යහපත වෙනුවෙන් කටයුතු කරන බව මන්ත්‍රීවරයා නිකුත් කල නිවේදනයේ සඳහන්.
(under the courtesy of adaderana.lk news web)

Related posts

පළාත් පාලන ආයතන පිහිටුවීම හෙට සිට ඇරඹේ

Shiran Viraj

රටට කිසිදු ප්‍රතිලාභයක් නැතිව කන්තලේ සීනි සමාගම විදේශ සමාගමකට… සීනි ඒකාධිකාරයත් ඔවුනටම…

Shiran Viraj

CID ලොක්‌කන් 4 කට එරෙහිව IP ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

Shiran Viraj