Local News News

යාපනයෙන් අධිබලැති පුපුරණද්‍රව්‍ය තොගයක් හමුවේ..

යාපනය ගුරුනගර් ජැටියේදී (19) දින සොයා ගනු ලැබූ අධිබලැති පුපුරණද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 200 ක ප්‍රමාණය ධීවරයින් විසින් තහනම් ධීවර කටයුතු වල නිරත වීමට රැගෙන එන ලද බවට සැක පල වී ඇතයි යාපනය පොලීසිය කියා සිටියේය.

යාපනය ගුරු නගර් ජැටියේදී පුපුරණද්‍රව්‍ය තොගයක් සගවා ඇති බවට යාපනය පොලීසිය ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් විසින් සිදු කරන ලද සෝදිසියකදී අදාල පුපුරණද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකිව ඇත.

එහිදී සී.ෆෝ වර්ගයේ පුපුරණද්‍රව්‍ය ග්‍රෑම් 600 ක් සහ ආර්.ඩී.එක්ස්. නැමති පුපුරණද්‍රව්‍ය ග්‍රෑම් 600 ක් තිබී පොලීසිය විසින් සොයාගෙන ඇත.

ධීවරයින් විසින් මසුන් ඇල්ලීමේදී මෙම පුපුරණද්‍රව්‍ය යොදා නීතිවිරෝධීව මසුන් මැරීමට යොදා ගැනීමට මෙලෙස කිසියම් පුද්ගලයෙකු විසින් මෙම පුපුරණදුව්‍ය තොගය රැගෙන විත් සගවා තබන්නට ඇති බවට යාපනය පොලීසිය සැක පල කර සිටියේය.

අදාල පුපුරණදුව්‍ය තොගය රැගෙන ආ පුද්ගලයෙකු පිළිබඳ මෙතෙක් අනාවරනය වී නොමැති අතර අදාල පුපුරණදුව්‍ය තොගය එම ස්ථානයට රැගෙන ඒම පිළිබඳ පුලුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද යාපනය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ලංකාව ආහාර සොයාගන්න අපහසුම රටවල් 05 අතරට..- චන්දිම

Shiran Viraj

ඇල්ලේ හිමි, අගරදගුරු අධිකරණයට.. ආණ්ඩුවේ තීන්දුවට අතුරු තහනම් නියෝගයක් ඉල්ලයි…

Shiran Viraj

සෞදි රජුගේ නවතම පෙරළිය – වසර 35 කට පසුව සෞදියට එන සිනමා වසන්තය

Shiran Viraj

Leave a Comment