Local News News

පාසල් නිල ඇඳුම් වවුචර් වෙනුවට යළිත් රෙදි දෙන ලකුණු

පාසල් ළමයින් සඳහා නිල ඇදුම් සපයා ගැනීමට ලබාදෙන වවුචර් පත් වෙනුවට නැවත රෙදි ලබාදීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

එහි ලේකම් පත්මසිරි ජයමාන්න පැවසුවේ පාර්ශ්ව ගණනාවකින් ලැබුණු ඉල්ලීම් අනුව ඒ පිළිබඳ සලකා බලන බවයි.

මේ සදහා අදාළ නිලධාරීන්ට දැනටමත් උපදෙස් ලබාදී ඇතැයිද නෙත් නිවුස් කළ විමසීමකදී ලේකම්වරයා කියාසිටියා.

පාසල් ළමයින් සදහා නිල ඇදුම් සදහා රෙදි ලබාදීම වසර ගණනාවක් තිස්සේ සිදුවූවා. රෙදි වෙනුවට පාසල් ළමයින්ට නිල ඇදුම් සපයා ගැනීමට වව්චර්පත් ලබාදීම ආරම්භ වුයේ යහපාලන ආණ්ඩුව යටතේයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

අගමැති මහින්දට ශල්‍යකර්මයක්..

Shiran Viraj

දින 5-8 අතර කොරෝනා දෙවැනි රැල්ලක්…

Shiran Viraj

අන්තවාදී ක්‍රියා ගැන පොලිසියට ඔත්තු දුන් මුස්ලිම් පුද්ගලයෙක්ව ඝාතනය කරයි

Shiran Viraj