News Political

තමා පොහොට්ටුවේ සාමාජිකත්වය ලබා නොගත් බව මහින්ද කියයි

තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා නොගත් බවත් අයදුම්පත පමණක් යොමු කළ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ, අද සති අන්ත පුවත්පතක් වෙත විශේෂ සාකච්ඡාවක් ලබා දෙමිනි.

අදාළ පුවත්පත් සාකච්ඡාවේදී පොහොට්ටුවේ සාමාජිකත්වය පිළිබඳව හා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් රාජපක්ෂ මහතාගෙන් විමසීම් කර තිබිණ.

මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ, තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යාවජීව සමාජිකයෙකු ලෙස කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ,අනුශාසකවරයෙක් ලෙස තමන් කටයුතු කරන බව මහින්ද රාජපක්ෂ මහතා එම පුවත්පත් සාකච්ඡාවේදී පවසා තිබේ.
(under the courtesy of newsfirst.lk web)

Related posts

කොරෝනා ලෝකය පාලනය කරන්න නිපදවූ වෛරසයක්…? බිලියන ගණනක ජනගහන අඩු කිරිම ඉලක්කය..?

Shiran Viraj

එජාපයේ පාර්ශ්ව දෙක අද ප්‍රධාන සාකච්ඡා දෙකක

Shiran Viraj

ඊලොන් මස්ක් ශ‍්‍රී ලංකාවට… ජනපතිගේ ආරාධනය පිලිගනී..

Shiran Viraj

Leave a Comment