Entertainment Entertainment News News

අමිල ගැන මිහිරුනි දන්න දේ

අමිල කරුණානායක කියන්නේ රංගන ශිල්පියෙක්, නිරූපණ ශිල්පියෙක් වගේම ව්‍යාපාරිකයෙක්. මේ භූමිකාවලින් පිටතදී ඔහු පවුල තුළ සැමියෙක් පියෙක්. අපි අමිල ගැන දන්නා ප්‍රමාණයට වඩා අමිලගේ බිරිය මිහිරුණි ජයවර්ධන ඔහු ගැන කොයි තරම් දේවල් දන්නවාද?

ඒ දන්න දේවල් මොනවාද කියලා කියන්න ඇය හදගැස්මේ කතා බහට එකතු වුණා.

අමිලගෙයි ඔබෙයි හමුවීම කොහොමද සිද්ධ වුණේ?

උසස් පෙළ රසායනික විද්‍යා පන්තියේදී තමයි අපි හමුවුණේ. එයා මට වැඩිය අවුරුද්දක් වැඩිමහල්. අපේ පන්තිය පටන් ගන්නකම් අපි එයාලගෙ පන්තිය ළඟටම වෙලා ඉන්නවා. මගේ පන්තිය පටන් ගත්තෙ එයාගෙ පන්තියට පස්සෙ. පාසල් යන කාලේ ඒ විදියට තමයි අපි හමුවුණේ.

ඒ කාලේ අමිල කොහොම කෙනෙක්ද?

එයා ඒ කාලේ හරිම අහිංසකයි. ඒ වගේම හරිම හොඳ ආදරණීය කෙනෙක්.

දැන් ඒ වගේ නැද්ද?

නෑ… නෑ.. දැනුත් එහෙමයි. ඒත් ඉතිං දැන් එයාට වගකීම් වැඩියිනෙ.

සැමියෙක් විදියට ඔහු?

පෙම්වතා කාලේදී වගේමයි. හැමදෙයක්ම ඕනවට වඩා වැඩියෙන් කරට අරන් කරනවා. පුතාටයි මටයි ගොඩක් ආදරෙයි.

ජනප්‍රිය වීමට පෙර චරිතය

ඔහු පාසලේදීත් ජනප්‍රිය චරිතයක්. කොහොමටත් ඒ කාලෙදීත් නළු පිස්සුව තිබුණා. එයා කොහොම හරි එයාගේ සිහින සැබෑ කරගන්නවා.

ක්ෂේත්‍රයට ආවට පස්සේ

මම එයාව දන්නෙ 2000 විතර ඉඳන්. මට නම් ඔහුගෙ කිසිම වෙනසක් නැහැ. හැබැයි එයාට ජනප්‍රියත්වය වැඩිවෙලා කියලා මටත් දැනෙනවා.

ජනප්‍රියත්වය ඔබට බලපාපු විදිය

එයා ජනප්‍රිය වුණාට එයාගේ බිරිය විදියට මම ජනප්‍රිය නැහැ. මම හරිම පාඩුවේ ජීවත් වෙන චරිතයක්.

ඔහුගෙ ජනප්‍රියත්වය අපට එහෙම ලොකුවට බලපෑවෙ නැහැ. 2010 දී අපි විවාහ වුණු කාලෙ ඉඳන්ම ඔහු එකම විදියට ඉන්නෙ මාත් එක්ක.

නිරූපණ ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් සහ ව්‍යාපාරිකයෙක් වූ

ඔහුට පවුල සහ ඔබව මඟහැරෙන අවස්ථා නැද්ද?

අනේ නැහැ. එයා රූපගත කිරීම්වල හිටියත් කෝල් කරලා අහනවා පුතා ඉස්කෝලෙ ගිහින් ආවද කියලා. සමහර වෙලාවට එයා ගෙදරින් යන්න කලින් පුතාගෙ පාසල් නිල ඇඳුම් පවා මැදලා කරලා දීලා යන අවස්ථාත් තියෙනවා.

අමිල කියන්නේ වගකීම් දරන්න පුළුවන් කෙනෙක්ද?

ඔව්, ඕනම වගකීමක් දරන්න පුළුවන්. බැහැයි කියලා දෙයක් නැහැ. එයා වගකීමෙන් වැඩ කරනවා.

සාමාන්‍ය ජීවිතයේදී අමිල කොයි වගේ චරිතයක්ද?

එයාව දැක්කාම නම් පේන්නේ නොසැලිකිලිමත් කෙනෙක් වගේ.

ඒත් ඇත්තටම එහෙම නැහැ.

ඔහු අද ඉන්න තැන ගැන ඔබට සතුටුද?

ඔව්, අනිවාර්යෙන්ම මට ගොඩක් සතුටුයි එයා ගැන. එයාට ලැබුණු අවස්ථා නම් මදි. නමුත් එයා කොහොම හරි හොයාගෙන ගිහින් වැඩ කරන කෙනෙක්.

අමිලගෙ ආසම කෑම ජාති

කිරිබත් කන්න හරිම ආසයි. අපි නම් තිබහට බොන්නෙ වතුරනෙ. එයා තිබහට බොන්නේ පැණි බීම. ඒවා බීලා එයා මගෙන් බැනුම් අහන අවස්ථා ඕන තරම්.

අමිලගෙ විනෝදාංශ

එයා චිත්‍රපට බලන්න ගොඩක් කැමැතියි. පුතා එක්ක මාළු ටැංකියේ වැඩත් කරනවා. හරි ආසයි මාළුන්ව ඇති කරන්නත්.

අමිලට දුකක් දැනුණාම

පැත්තකට වෙලා මූඩ් ගහලා ඉන්නවා

අමිල වැඩිපුරම සතුටු වුණු අවස්ථාව

අපි අවුරුදු ගාණක් ගෙයක් හදන්න තැනක් සහ සැලසුමක් හෙව්වා. පස්සෙ නුගේගොඩින් වෙලක් සහ පන්සලක් තියෙන ලස්සන තැනක් හම්බවුණා. මම හිතන්නෙ එයා ඒ ගැන සතුටු වෙනවා.

තරහ ගියාම කොහොමද හැසිරෙන්නෙ?

තරහ ගියොත් සද්ද නොකර ඉන්නවා.

වැඩිපුරම යන්න කැමැති තැන්?

ත්‍රාසජනක තැන්වලට යන්න වගේම ඒ වගේ වැඩ කරන්නත් ආසයි.

ඔහු වැඩිපුරම ආදරේ කාටද?

මම හිතන්නෙ පුතාට.

ඔහුට නැතිවම බැරි අය කවුද? 

පුතා. ඒ වගේම මම කියලත් හිතනවා. හැබැයි තනියම වුණත් එයාට ඉන්න පුළුවන්.

අමිල මොනවගේ විලාසිතාවලටද වැඩිපුර කැමැති?

යුරෝපීය විලාසිතාවලට තමයි කැමැති. මම හිතන්නෙත් ඒක එයාට ගැළපෙනවා. හැබැයි මොනවා ඇන්දත් මට නම් එයාව ලස්සනයි.

ඔහු ගැන අහන්න ලැබුණු නරකම ආරංචිය?

තාම නම් එහෙම ආරංචියක් ආවෙ නැහැ.

ඔහු ගැන අහන්න ලැබුණු සතුටුම ආරංචිය

2007 ථචද ධට බඩඥ රඥචප තරගාවලියෙන් ජයග්‍රහණය කරලා ජාත්‍යන්තර තරගයට සහභාගි වුණා. ඒක තමයි මට එයා ගැන අහන්න ලැබුණු සතුටුම ආරංචිය.

අමිල ජීවිතයේ ප්‍රධාන තැනක් දෙන දේවල්?

පවුලට වගේම එයාගෙ ව්‍යාපාරයටත් එයා මුල් තැන දෙනවා.

අමිලගේ ජීවිතේ මඟහැරුණු දේවල්?

එයා කාලයක් මලල ක්‍රීඩා කළා. එයා ඒවට ගොඩක් කැමැතියි. මලල ක්‍රීඩකයෙක් වෙන්න හරිම කැමැත්තෙන් හිටියේ. ඒත් එයා අසනීප වෙලා ඒ හීනය එයාගෙන් මඟහැරිලා ගියා.
(උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි)

Related posts

“ඉස්ලාම් අන්තවාදයේ තිත්ත කතාව” රට වෙනුවෙන් නෙත් FM පෙරට – ඉස්ලාම් අන්තවාදය පිළිබඳ සවිස්තරාත්මක වාර්තා වැඩසටහනක් නිපදවයි!

Shiran Viraj

ජාතික ධනය විනාශවීම වැලැක්වීමට මාර්ග සංවර්ධන අධිකාරිය සහ ජල සම්පාදන මණ්ඩලයෙන් ඒකාබද්ධ සංවර්ධන සැලසුම්

Shiran Viraj

මංගල සම අනුග‍්‍රහයට අත්සන් කිරීම කැබිනට් එකත් ජනපතිත් දැන සිටියා.. – රනිල් ජනපති කොමිසමට කියයි

Shiran Viraj

Leave a Comment