Local News News

A/L කරන්න ලකුණු අඩු වුණත්,තවත් වසර දෙකක් පාසලේම සිට නොමිලේ හදාරන්න විෂයයන් 26ක්

සියලූම දරුවන්ගේ තාක්ෂණික, වෘත්තීය හා සමාජයීය කුසලතා සංවර්ධනය කරමින් ආර්ථික සංවර්ධනය සඳහා ඵලදායී ලෙස දායක කර ගැනීමේ අරමුණ ඇතිව රජය විසින් දියත් කරනු ලබන දහතුන් වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්, ගරු අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් පෙබරවාරි 21වන දින අරලියගහ මන්දිරයේදී දියත් කෙරිණි.  

අනාගත රැකියා වෙළෙඳපොළට ගැලපෙන මානව සම්පත් පාසල් පද්ධතියෙන් බිහි කරලීම වෙනුවෙන් පැහැදිලි ප්‍රවේශයක් මෙතෙක් ක්‍රියාත්මකව නොතිබුණු අතර එම ඉදිරි අභියෝග හමුවේ සම්ප්‍රදායික අධ්‍යාපන පද්ධතියෙන් බිහිවන දරුවන්ට තරඟ කිරීමට හෝ ඊට මුහුණ දීමට ප්‍රායෝගික මඟ පෙන්වීමක් ද නොවීය.

රටක පවතින වටිනාම සම්පත පුහුණු මානව සම්පත වුවත් ඒ බව අවබෝධ කර නොගෙන උසස්පෙළ විෂය ධාරාව හැදැරීමට සුදුසුකම් නොමැති බව දක්වමින් අ.පො.ස සාමාන්‍ය පෙළ අසමත් දරුවන් අධ්‍යාපන පද්ධතියෙන් පිටමං කෙරුණු අතර විවිධ ක්ෂේත්‍රයන්හි සහජ දක්ෂතා දැක්වූ දරුවන් උසස් පෙළ තුළ සීමාසහිත විෂය ධාරාවන් කිහිපයකට කොටු වන තත්ත්වයක් නිර්මාණය වී තිබුණි. අප කොතෙක් උත්සාහ දැරුවද එම තත්වයේ සුවිසල් වෙනසක් සිදුකිරීමට අප අපොහොසත් ව තිබුණි.

මෙතෙක් ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළින් සිදුකර ඇත්තේ විශ්වවිද්‍යාල සඳහා අවශ්‍ය 20% ක 30% ක පමණ වන සිසුන් පිරිස තෝරා දීම පමණකැයි හැඟෙන තරමට තත්වය බරපතල වී තිබුණි. මෙලෙස බැහැර කරන බොහෝ දරුවන් වැඩ ලෝකයට ගැලපෙන ශ්‍රම සම්පත බවට පත්වීමේ පරිවර්තනය සඳහා අවශ්‍ය කෙරෙන නිවැරදි පුහුණුව, මඟපෙන්වීම හෝ අවස්ථාව උදා කරදෙන්නට මෙතෙක් අප අපොහොසත් විය. මේ හේතුවෙන් බොහෝ දරුවන් රැකියා විරහිතයින් ලෙස සමාජ ගතවීම නොවළැක්විය හැකිය.

මෙම සමාජ හා ආර්ථික ගැටළුවට තිරසාර විසඳුමක් පාසල් අධ්‍යාපන පද්ධතිය මගින් ලබාදීමට ගත් විප්ලවීයම තීන්දුව ලෙස 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන හඳුන්වා දිය හැකිය.

සාමාන්‍ය පෙළ සමත් අසමත් භාවය නොතකා රටේ සෑම දරුවෙකුටම වසර 13 ක අධ්‍යාපනය හැදෑරීමට මෙම වැඩසටහනින් අවස්ථාව හිමි කර දී ඇත. උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ සියලු දරුවන්ට නූතන රැකියා වෙළඳපල ජයගත හැකි නව වෘත්තීය විෂයයන් 26 ක් අතරින් තමා වඩාත් දස්කම් දක්වන හා කැමති විෂයය ක්ෂේත්‍රයන් ඔස්සේ උසස් පෙළ හැදෑරීමට අවස්ථාව මේ අනුව සැලසේ. දේශීය පමණක් නොව විදේශ ශ්‍රම වෙළඳපල ජයගැනීමට සමත්කම් දක්වන පිරිසක් අපට බිහිකිරීමට අවශ්‍ය අඩිතාලම 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහනින් මගින් සකස් කිරීමට අවශ්‍ය මූලික පියවර මේ වන විට ගෙන තිබේ. ජාතික අධ්‍යාපන ආයතනය විසින් ඊට අදාළ විෂය මාලා සකස් කිරීම, මොඩියුල සකස් කිරීම, ගුරු පුහුණු කටයුතු ක්‍රියාවට නැංවීම සිදු කෙරිණි. මෙතෙක් පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයට ආධුනික වූ නව විෂයන් ඉගැන්වීම පිණිස පද්ධතිය තුළ පුහුණු ගුරුවරුන් සොයා ගැනීමේ අභියෝගයට මුහුණ දී ඉන් ජයගැනීමටද අපට හැකි විය.

ඒ අනුව අරමුණු රහිතව සමාජගත වූ තාරුණ්‍යයට ස්ථාවර අනාගතයක පෙරමග ලකුණු උදාකර දෙන 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන ශ්‍රී ලාංකේය නිදහස් අධ්‍යාපනයේ විශ්වීය හැරවුම බව අභිමානයෙන් පැවසිය හැකි ය.

නියාමන අදියර දෙකක් යටතේ 2017 වසරේ සිට මූලිකව ක්‍රියාවට නැංවුණු මෙම වැඩසටහන තවදුරටත් පුළුල් කරමින් 2019 වසරේ සිට ජාතික මට්ටමින් ක්‍රියාවට නැංවීමට හැකිවීම අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දැයේ දරුවන් ලද සුවිශේෂී ජයග්‍රහණයකි. එය මෙරට අධ්‍යාපනයේ ඓතිහාසික සන්ධිස්ථානයක් වනු නොඅනුමානය. මෙම සුවිශේෂී කටයුත්තට විෂයභාර අමාත්‍යවරයා වශයෙන් මූලිකත්වය ගෙන කටයුතු කිරීමට හැකිවීම පිළිබඳව නිහතමානීව සතුටු වන බවත් එමෙන්ම මෙම වැඩසටහනෙහි උපරිම ප්‍රතිලාභ ලබමින් ජීවිතය ජය ගන්නට ආදරණීය දුවා දරුවන්ට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස සුභ පැතුම් එක් කරන බවද එතුමා පවසා සිටියේය. 
(under the courtesy of nethnews.lk news web)

Related posts

කොවිඩ් එන්නත් මධ්‍යස්ථානයක උණුසුම් තත්වයක්.. පොලිසිය කැදවයි..

Shiran Viraj

අතීතයට දොස් එපා.. රට ගොඩනැගීමට සුදානම්.. මා රට බාර ගත්තේ ආර්ථිකය කඩා වැටී ඇති බව දැනගෙනයි..

Shiran Viraj

කෙහෙලියට එරෙහි විශ්වාස භංගයක්…

Shiran Viraj

Leave a Comment