Local News News

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙත පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබාගත හැකි බවයි.

මෙවර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා 68,009 දෙනෙකු අයදුම් කර තිබුණා. ඒ පිළිබඳ කිසියම් තොරතුරක් අවශ්‍ය වේ නම්, විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව හෝ 19යි 11 ක්ෂණික ඇමතුම් අංකයෙන් ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා. 

Related posts

ඉල්ලීම් නොදුන්නොත් කොරෝනා ප‍්‍රතිකාර සේවාවෙන් ඉවත් වෙනවා..- හෙද සංගමය

Shiran Viraj

ලාබාල ප‍්‍රවීන්ගේ පලමු තරගයේදීම බංගලාදේශය දගකවා දමයි.. ලංකාවට විශිෂ්ඨ ජයක්.. තරගයේ වීරයා ඔහුයි..

Shiran Viraj

හරීන් ගොස් රනිල් හමුවේ.. යලි එක්වෙන්න එකග වේ..

Shiran Viraj

Leave a Comment