International News News

ස්පාඤ්ඤයේ මහ මැතිවරණයේ ජය සමාජවාදී කම්කරු පක්ෂයට

ස්පාඤ්ඤයේ මහ මැතිවරණයෙන් පාලක ස්පාඤ්ඤ සමාජවාදී කම්කරු පක්ෂය ජයග්‍රහණය කර තිබේ.

කෙසේ වෙතත් ඉන් එරට ප්‍රධාන විපක්ෂය වන මහජන පක්ෂය ප්‍රබල පසුබෑමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ස්පාඤ්ඤයේ මහ මැතිවරණය පසුගියදා නිමාවට පත්විය.

යුරෝපා මැතිවරණයට මාසයකටත් අඩු කාලයක් තුළ පවත්වන බැවින් ද අන්ත දක්ෂිනාංශික වොක්ස් (Vox) පක්ෂයේ නැගීම හේතුවෙන් ද මෙම මැතිවරණය කාගේත් වැඩි අවධානයක් දිනාගත්තේ.

මැතිවරණයට ප්‍රධාන පක්ෂ පහක් තරගකළ අතර ඉන් පාලක ස්පාඤ්ඤ සමාජවාදී කම්කරු පක්ෂය (PSOE)වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන ජයග්‍රහණය කර තිබේ.

කෙසේ වෙතත් අග්‍රාමත්‍ය පෙඩ්‍රෝ සැන්චෙස් ගේ නායකත්වයෙන් යුත් එම පක්ෂයට මැතිවරණයෙන් ලබා ගැනීමට හැකිවුණේ සියයට 29ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

ඒ අනුව එයට රජයක් පිහිටුවීමට අවශ්‍ය බහුතරය නොලැබී යාම හේතුවෙන් ඔවුන්ට ඒ සඳහා සෙසු පක්ෂවල සහය ලබාගැනීමට සිදුවනු ඇති.

ප්‍රධාන විපක්ෂය වන මහජන පක්ෂය (People’s Party) මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වුණේ  එහි නායකයින් වෙත දූෂණ චෝදනා එල්ල වූ පසුබිමක යි.

පාර්ලිමේන්තුවේ ආසන 137කට හිමිකම් කියූ එම පක්ෂයට මෙවර හිමිවුණේ ආසන 66ක් පමණක් වන අතර ඒ අනුව ඔවුන් මෙවර මැතිවරණයෙන් ප්‍රබල පසුබෑමකට ලක්ව ඇති බව විචාරකයින් පෙන්වා දෙන්නේය.

මෙවර මැතිවරණයෙහි ප්‍රධාන මාතෘකා වන්නේ කැටලෝනියානු නිදහස් සටන පිළිබඳ අර්බුදය සහ සංක්‍රමණිකයන්ගේ ආගමනය පිළිබඳ වන මතභේදය යි. 

කැටලෝනියානු බෙදුම්වාදයට සහ සංක්‍රමණික ගැටළුවලට දැඩිමතධාරී විසඳුම් ලබාදෙන බවට  පොරොන්දු දෙමින් එරට තුළ වර්ධනය වෙමින් පවතින වොක්ස්  පක්ෂය මෙවර මැතිවරණයට ඉදිරිපත් විය.

එහි ජනප්‍රියත්වය තවදුරටත් සනාථ කරමින්  1970 දශකයේ එරට  හමුදා පාලනය අවසන් වීමෙන් පසු පළමු වරට එම පක්ෂය පාර්ලිමේන්තුවට පිවිසීමට මෙවර මැතිවරණයෙන් වරම් හිමිකර ගත්තේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

කොරෝනා ව්‍යාප්තිය නිසා ගැටළුවලට මුහුණපා සිටින ලාංකික ශ්‍රමිකයින් ගැන රජයේ අවධානය

Shiran Viraj

තාත්තා මගේ ගම­නට හොඳ මග ­පෙ­න්ව­න්නෙක් නිරූ­පි­කා­වක වීමට හීන මවන හිරුණි විජේ­සිංහ

Shiran Viraj

ඖෂධ හිගයි.. රෝහල්වල ශල්‍යකර්ම සීමා කරයි… පිළිකා සහ හදිසි අනතුරු සැත්කම් පමණයි..

Shiran Viraj

Leave a Comment