Local News News

සුලි කුණාටුව උතුරට කඩා වදී..නිවාස ගණනාවකට දැඩි හානි..අධික වර්ෂාවක්..

වව්නියාව පණික්කන්කුලම් ප්‍රදේශයට ඊයේ (28) රාත්‍රියේ ඇදහැලුනු වර්ෂාවත් සමග බලපෑ සුලි කුණාටුවක් හේතුවෙන් නැවත පදිංචි නිවාස 30 කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇති බවට එම වැසියන් කියා සිටිති.

මිලිමීටර් 100 කට අධික වර්ෂාපතනයත් සමග මෙසේ සුලි සුලං තත්වය ඇතිව තිබෙන අතර එහිදී සුලං හේතුවෙන් නැවත පදිංචි වැසියන්ගේ නිවෙස්හි වහලය සම්පූරණයෙන්ම ගැලවී ගොස් ඇති අතරම ඇතම් නිවාස වෙත ගස් කඩා වැටී ඇති බවටද එම වැසියන් කියා සිටිති.

සුලං ඇති වන අවස්ථාවේදී කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතරම එම අවස්ථාවේදී ජනතාව නිවෙස් වෙතින් ඉවත් වීමට පියවර ගෙන ඇත.

සුලි කුණාටුව හේතුවෙන් හානි වූ පවුල් වෙතට සිදුව ඇති විපත පිළිබඳ සොයා බලා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට වවුනියාව ආපදා කලමනාකරන නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අමෙරිකානුවන්ට දේශ සීමා විවෘත නොකරන්න යුරෝපා සංගමයේ අවධානය

Shiran Viraj

ආයුර්වේද රෝහල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරයි

Shiran Viraj

උතුරු කොරියාවෙන් කොරෝනා රෝගීන් වාර්තා නොවීම ගැන සැකයක්

Shiran Viraj